ගණන් ටීචර් යටිගිරියෙන් බෙරිහන් දිදී උගන්නනවා... මුලු පන්තියම හිටියේ පාඩමට අවදානය දීලා
එතකොටම jk ට එහා පැත්තේ මේසෙ හිටපු v, jk ගෙ මේසෙ උඩට කොල කෑල්ලක් විසි කලා
Jk, v දිහා රවලා බැලුවේ කලින් note එක මතක් වෙලා
Seriously!!! තවත් note එකක්??!? මේක කලින් සැරේ වගේ එයාගෙ boyfriend වෙනවද කියලා අහපු එකක් නෙවෙයි වෙන්න ඇති නේද!?!?! එහෙම නෙවෙයි වෙන්න ඇති
Jk note එක දිග අරින ගමන් හිතුවා... ඒත් එයාගෙ බලාපොරොත්තු කඩ කරමින් ඒකෙ ලියලා තිබ්බේ මෙහෙම දෙයක්"මම ඔයාට ගොඩක් කැමතියි. මමත් එක්ක යාලු වෙන්න. අපි try කරලා බලමු, හාද?"
Jk ගෙ මූණ තරහටම strawberry ගෙඩියක් වගේ රතු වුනා
"මට පේන්නේ එයාට මගේ උපරිම ලිවීමේ හැකියාව පාවිච්චි කරලා කන්දෙකේ ඇඟිලි ගහගන්න answer එකක් ලියලා දෙන්න වෙයි... මීටපස්සේ මාව විහිලුවට නොගන්න", jk දත්මිටි කන ගමන් කුටු කුටු ගෑවා
ඒත්... එයා serious නම්? එතකොට බැන්නොත් එයාගෙ හිත රිදෙයිනෙ... බනින්නෙ නැතුව nice reply එකක් දෙන්න ඕනෙ...
Jk දිවත් හපාගෙන v ගෙ හිත නොරිදෙන්න reply එකක් චූටි කොලේක ලිව්වා
"ඔයා නරක නැහැ ඇත්තටම... ඔයා handsome වගේම charismatic... සමහර විට අපිට අනාගතේ හොඳ යාලුවො වෙන්න පුලුවන් වෙයි"
ඊටපස්සෙ එයා ඒ කොලේ පොඩියට නවලා හෙමින්ම v ට දුන්නා
"මට? Note එකක්?"
"ඔව්.. ඔයාට තමයි"
"හරි පුදුමයි... class president පාඩම වෙලාවෙ චිට් යවනවා", v කට කොනින් හිනා වෙන ගමන් කිව්වා
"ආ.. තව එකක්... මම කලින් දුන්න note එක ඉක්මනට නේහට දෙන්න.. නැත්නම් යුන්ගියා මගෙ ඔලුව කයි"
"මොකක්?!?! ඒ.. කලින්.. නෝට් එක... යුන්ගි... නේහට... දුන්න එකක්ද?"
"ඔව්.. ඉක්මනට දෙන්න ඒක එයාට"
Jk පඤ්ඤාර විජ්ජු වෙලා වගේ v දිහා බලන් හිටියා...
"ඔය පිටිපස්සෙ ඉඳන් චිට් පාස් කරන ලමයි දන්නවද දැන් sin වල අනුකලන ප්රතිපලය?", ගණන් ටීචර් බෙරිහන් දුන්නා
.
.
.
.~~~~~~~~~~~~
ඔයාලගෙ කොමෙන්ට් කියවන්න මම හරි ආසයි මෙයාලා... දාගෙන යන්නකෝ ලෝභ වෙන්නෙ නැතුව
ආදරෙයි හැමෝටම ❤️ පරිස්සමින් ඉන්න ❤️❤️❤️

YOU ARE READING
Bromance
Humorමේක මම ලියපු කතාවක් නෙවෙයි. මම ගොඩාක් කැමති webcomic එකක්... කතාවක් විදියට wattpad එකේ publish කරන්න හිතුවා... ඒත් මම කතාවෙ චරිතවල නම් මාරු කරලා bts fanfic එකක් කරන්නයි යන්නේ මේක **කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම LiuJia සතු වේ**