-Basketball match එකක් අතරතුර-
"හහ්! මාව පාස් කරලා යන්න හිතනවා නම් ඉතින් ඒ හීනෙන් තමයි", v ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ඉස්සරහට පැනගෙන කෑ ගැහුවා
ඒ ක්‍රීඩකයා කුරුමාණම් අල්ලලා අල්ලලා බෝලෙ විසි කරනකොටම v උඩ පැන්නේ බෝලේ නවත්තන්න
එයා උඩ පැන්නා ටිකක් වැඩියිදෝ කොහෙදෝ... එයා plan කරපු විදියට බෝලෙ ආපහු විසි වෙලා ගියත් ඒක සිද්ද වුනේ එයාගෙ අත් දෙක නිසා නම් නෙවෙයි හැබැයි
(A/N : ඔයාලා හිතා ගන්න බෝලෙ වැදුනෙ කොහෙද කියලා 😶)
.
.
.
.
.V කොර ගගහා අමාරුවෙන් පන්තියට එනකොට ජනෙල් පඩිය උඩ තිබ්බ මල් පෝච්චියේ එයාගෙ අත වැදුනා... මල් පෝච්චිය බිඳුනා වගේම ඒක ඇතුලෙ තිබ්බ පස් ටිකත් බිම හැලුණා
"මොනාද v කරන්නේ??? මම දැන් පන්තිය අතුගාලා තාම විනාඩි 5ක්වත් ගියෙ නෑ", ගෑනු ලමයෙක් බෙරිහන් දීගෙන v ලඟට ආවා
"මේ සැරේ එයාට සමාව දෙන්න... එයා හින්දයි අපේ පන්තිය මේ සැරේ basketball match එක දිනුවේ... බෝලේ එයාගෙ කකුල් දෙක මැද්දෙ වැදිලා එයා වේදනාවෙන් ඉන්නේ", Jk v ව බේර ගන්න මැද්දට පැන්නා
"ඒක ඔච්චර විස්තර කරන්න ඕනෙ නෑනෙ", v ලැජ්ජාවෙන් බෙරිහන් දුන්නා
"ඕ... අපේ ගැලවුම්කාරයා injured වෙලාද?... sorry V.. මම දැනගෙන නෙවෙයි කෑ ගැහුවේ"
"ඔයා ගිහින් විවේක ගන්න v... මම මේක සුද්ද කරලා දාන්නම්", jk කොස්ස අතට ගන්න ගමන් v ට කිව්වා
.
.V ට ඒ වෙලාවෙ තමයි තේරුනේ injure වෙන එකේ හොඳ පැත්තකුත් තියනවා කියලා
.
.
.
.
.
.
.English පාඩම වෙලාවෙ
"Yesterday I went to the library", teacher හෝ ගාලා උගන්නනවා
V එයාගෙ හීන ලෝකෙ අතරමං වෙලා.. නින්දෙන් ගොරවන්නෙ නැති ටික විතරයි
"V!!!!!!! ඔයා මොකද ඔය කරන්නේ???!"
"Huh?!?!", තමන්ගෙ නම කියනවා ඇහුන හින්දා v ඇස් දෙකත් බාගෙට ඇරගෙන කටෙන් කෙලත් පෙරාගෙන ඔලුව උස්සලා බලද්දි දැක්කේ teacher ඉණට අත් දෙක තියාගෙන කන්න වගේ v දිහා බලන් ඉන්න විදිය
"ඔය ලමයා හැමදාම ඉංග්‍රීසි පාඩම වෙලාවට නිදි කිරනවා... ඔයා හිතලමයි නේද මේක කරන්නේ... මැරුම් කන්නද ඕනේ?", මිස් ඇස් දෙකත් හීනි කරන් v ට තර්ජනයක් දැම්මා. "ඔයා english වලට ඔච්චර අකමැති ඇයි?"
ඒක හරිම boring හින්දනෙ
V ඒක හිතින් හිතුවා විතරයි.. සද්දෙන් කිව්වෙ නෑ"Umm... මේ... මේ පන්තියේ ගැලවුම්කාරයා හැටියට මගෙ balls දෙක අද ටිකක් රිදෙනවා... ඒ හින්දා අදට මට සමාවක් දෙන්න පුලුවන් නේද මිස්?", v හරිම අහිංසක හිනාවක් දාගෙන ඇහුවා
මුලු පන්තියම නලලට අතගහගෙන හිතුවෙ එකම දෙයක්
"මේ පිස්සා මොනාද මේ දොඩවන්නේ?!?"
.
.
.
.
.
.~~~~~~~
කෝ අලේ ඔයාලා 👀
YOU ARE READING
Bromance
Humorමේක මම ලියපු කතාවක් නෙවෙයි. මම ගොඩාක් කැමති webcomic එකක්... කතාවක් විදියට wattpad එකේ publish කරන්න හිතුවා... ඒත් මම කතාවෙ චරිතවල නම් මාරු කරලා bts fanfic එකක් කරන්නයි යන්නේ මේක **කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම LiuJia සතු වේ**