A/N : ලමායි... මේ chap එක ගැන නම් මට sure නෑ හැබැයි
~~~~~~~~~~~
"මේ බලන්න.. අලුත්ම apple i 13 pro max එක... මම ඊයෙ ගත්තේ. බලන්න ඒකෙ ලස්සන... pure black", v ආඩම්බරෙන් එයාගෙ අලුත් phone එක පන්තියේ හැමෝටම පෙන්නුවා. "බලන්න මගෙ darling කොච්චර ලස්සනද කියලා"
"What a show off", ලමයි නොරුස්නාවෙන් අහකට ගියා
"මම ආසයි මම call කරද්දි ඒක මගෙ මූණෙ වදින එකට", v phone එක මූණට තද කරගෙන තනියම දොඩවනවා
.
.
.
."මම ආසයි මට නින්ද යනකල් ඒක මෙහෙම තුරුල් කරගෙන ඉන්න", v ඇඳේ හාන්සි වෙලා තනියම දෙඩෙව්වා. "ඒකෙන් මට ලොකු සතුටක් දැනෙනවා"
V බරටම එයාගෙ කල්පනා ලෝකෙ ගිලිලා හිටියේ... එකපාරටම එයාට ඇහුණා කවුරු හරි එයාගෙ නම කියනවා
"V... නැගිටින්න... V.... මාව ආපහු මිනිස්සුන්ට පෙන්නල පුරසාරම් කියවන්න වෙලාව හරි"
"Jk ඔයා??", v ට එයාගෙ ඇස් අදහා ගන්න බැරි වුනා. Jk කලුපාට full body suit එකක් ඇඳගෙන එයාගෙ ඉස්සරහා හිටගෙන හිටියා...
මෙන්න මේ වගේ 👇👇👇
ඒ suit එකේ පපුවෙ apple logo එක ගහලා තිබුනා
"මම jk නෙවෙයි. මමයි තමයි ඔයාගෙ අලුත්ම apple i 13 pro max එක... අපි යමුද දැන් පුරසාරම් කියවන්න?"
V එයාගෙ jk වත් අරගෙන scl එකට ගියා..
"බලන්න මගෙ darling කොච්චර ලස්සනද කියලා", v එයාව බදාගෙන එයාගෙ මූණ අතගාන ගමන් අනිත් ලමයින්ට පෙන්නුවා, "මම හරි ආසයි එයා මම call එකක් ගන්නකොට මගෙ මූණෙ වදිනවට"
"මේ මොන විකාරයක්ද මේ?", ලමයි හැමෝම ඒ දෙන්නගෙන් ඈතට ගියා
.
.
."මම හරිම ආසයි මම නිදා ගන්නකල් එයා මගෙ ඇඟ උඩින් මෙහෙම ඉන්නවට", v ගෙදර ගිහින් එයාගෙ ඇඳේ ඇලවෙලා කිව්වා
එතකොටම jk නොහොත් එයාගෙ අලුත් phone එක v ගෙ කනට ලංවෙලා "ආස නැද්ද මගෙ power button එක අල්ලන්න" කියලා කෙඳිරුවා
මොකක්?!?!? Power button අල්ලන්න??
මම හිතන්නේ මට පිස්සු හැදීගෙනයි එන්නේ...
V... කලබල වෙන්න එපා... හොඳ.... හුස්මක් ගන්න... මේක හීනයක්... දැන් ඇස් අරින්න...
V එයාටම හිතින් කියා ගන්න ගමන් ඇස් ඇරියා.ඇත්ත තමයි... ඒක හීනයක්
"කාටවත් තමුසෙගෙ power button එක අල්ලන්න ඕනෙ නෑ මිනිහෝ", V එයාගෙ බඩ උඩ බැබලි බැබලි තිබ්බ phone එක ඇඳේ මුල්ලකට විසි කරලා ඇඳ ලඟ තිබ්බ බේස් බෝල් පිත්ත අරන් ඒක දිහාට දික් කරගෙන බෙරිහන් දුන්නා
.
.
.~~~~~~~~~~
👀
YOU ARE READING
Bromance
Humorමේක මම ලියපු කතාවක් නෙවෙයි. මම ගොඩාක් කැමති webcomic එකක්... කතාවක් විදියට wattpad එකේ publish කරන්න හිතුවා... ඒත් මම කතාවෙ චරිතවල නම් මාරු කරලා bts fanfic එකක් කරන්නයි යන්නේ මේක **කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම LiuJia සතු වේ**