එදා සූර්යග්‍රහණයක්... හැමෝම කලුපාට වීදුරු lenses අරගෙන rooftop එකට ගියා ඒක බලන්න
නේහා විතරක් මූණ එල්ලගෙන පැත්තක තිබුන බංකුවකින් ඉඳගෙන හිටියා
"Heyy.. මොකක්ද අවුල? ඔයා බලන්නෙ නැද්ද සූර්යග්‍රහණය?", නේහා මූණ එල්ලගෙන බලන් ඉන්නවා දැකපු jk එයා ලඟට ගිහින් ඇහුවා
"මට මගෙ lense එක ගේන්න අමතක වුනා"
"හපොයි... අපි බලමු... සමහරවිට ලොකු lense එකක් තියන කෙනෙක් කැමති වෙයි ඔයා එක්ක share කරගන්න", jk වටපිට බලන ගමන් කිව්වා. "ඉන්න මම ලමයින්ගෙන් අහලා බලන්නම්"
ඒත් හැමෝම jk කතා කරද්දි මග ඇරලා ගියා මිසක් හැරිලාවත් බැලුවේ නෑ
"කවුරුත් මමත් එක්ක share කරගන්න කැමති නෑ... මට අද සූර්යග්‍රහණය බලන්න වෙන්නේ නෑ", නේහා අඬන්න ගත්තා
"අනේ අඬන්න එපා.. අර බලන්න... v ලඟ තියනවා ලොකු lense එකක්...heyy v... ඔයාගෙ lense එක නේහා එක්ක share කර ගන්න පුලුවන්ද"
"ආ.. ඔව්"
"ඒත් මම කැමති නෑ එයා එක්ක බලන්න", නේහා ආයෙ අඬන්න ගත්තා
"හහ්?? ඒ මොකද ඒ?", v ඇස් දෙකත් හීනි කරන් රවලා නේහා දිහා බැලුවා
"එයා නපුරු පාටයි... බලන්න.. එයා කරාඹුත් දානවා", නේහා අඬ අඬම කිව්වා
"Jk.. ඔයාගෙ lense එක මට දීලා ඔයා v එක්ක share කරගන්නකෝ""හා එහෙනම්", jk නේහට එයාගෙ lense එක දීලා v ලඟට ගිහින් එයා එක්ක සූර්යග්‍රහණය බලන්න පටන් ගත්තා
දෙන්නම කොච්චර සූර්යග්‍රහණයේ සිහියෙන් හිටියද කියනවා නම් දෙන්නම දැනගෙන හිටියෙ නෑ පිටිපස්සෙ හිටපු ලමයි සූර්යග්‍රහණයට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියලා ඒ දෙන්නා තුරුල් වෙලා සූර්යග්‍රහණය නරඹන සුන්දර දර්ශනය ඡායාරූප ගත කරමිනුයි ඉන්නේ කියලා
හැමෝම ඇවිත් නේහා එක්ක high five දැම්මා
It's said that team work brings great success... And today It was proven correct 😌
.
.
.Team work එක මොකක්ද කියලා තේරුණ ලමයි මේ කොනට 🤭👉👉
YOU ARE READING
Bromance
Humorමේක මම ලියපු කතාවක් නෙවෙයි. මම ගොඩාක් කැමති webcomic එකක්... කතාවක් විදියට wattpad එකේ publish කරන්න හිතුවා... ඒත් මම කතාවෙ චරිතවල නම් මාරු කරලා bts fanfic එකක් කරන්නයි යන්නේ මේක **කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම LiuJia සතු වේ**