Chapter 01

262 63 55
                                    

_____________________________________

If you are going through hell,
Keep going.

_Winston churchill_

_____________________________________

නිල් පැහැ රැලි නගන මහ සමුදුරෙන් තුන් දිශාවකින් වටවුනු විසල් රාජධානිය අහසේ සිට බලන්නෙකුට පෙනෙනුයේ නිල්,සුදු සහ කොළ පැහැයින් දක්ෂ සිත්තරෙකුගේ තෙලි තුඩින් නිම කරන ලද සිතුවමක් විලස බවනම් නොඅනුමාන ය.

නානාවිද සත්වයින්ටත්,සියොතුන්ටත් නවාතැනක් වූ රහස් රැසක් ගිලගෙන ඉන්නා මහා වනගොමුවත්,අතරින් පතර දක්නට ඇති ලොකු කුඩා විල් පොකුණු මෙන් ම නොයෙක් ප්‍රමාණයේ දිය සීරාවෝද ඒ පරිසරයටත් සොබාදම් මාතාවටත් ඇස්ටේරියානුවෝ කොතරම් පෙම් කලාදැයි යන්නට සාක්ශි ය.

සිව් දිගින් හරිත පැහැ තුරු ලතාවෙන් වටවුනු රාජධානිය මද්‍යයේ විරාජමානව වැජබෙමින් තිබුණේ කිරි ගරුඩින් කරන ලද සුවිසල් මාලිගාවකි.ඇස්ටේරියානු සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයේ හා ගොතික් කලා ශිල්පයේ එකතුවෙන් සියවස් ගණනාවකට පෙර නිමවා තිබූ ඒ මාලිගය වූ කලී මිහිපිට දක්නට ඇති සොදුරුතම මාලිගාව බවට සැකයක් නැත.අහස උසට නැගුනු මහා කුළුනුවලින් හා දුඹුරු පැහැ වහලින් යුතු මන්දිර සමූහයකින් සුසැදි එය ඇස්ටේරියා රාජ මාලිගයයි.

හිරු අහසට නැගි මොහොතේ පටන් එය ක්ෂිතිජයේ ගිලී යන මොහොත දක්වාම හිරුගේ ආලෝකය පරාවර්තනය වීම නිසා ඔප දැමූ දියමන්ති මෙන් දිලෙන සූර්ය පලිගු දෙක තිබුනේ එකී කුළුණුවලින් උසම කුළුණු ද්විත්වය වුනු සූර්ය කුළුණුවල ය.

සූර්ය කුළුනු යනු ඇස්ටේරියා මාළිගය දෙපස අනෙක් සියලු කුළුණුවලට වඩා උසට ගොඩනගා තිබූ කුලුණු ද්විත්වයයි.ඇස්ටේරියා රාජ වංශයට මෙන්ම රාජධානියටත් සූර්යා මෙන් ම දිගුකල් පවතින්නට අසිරි පතමින් ශුද්ද වූ පවුලේ ආරම්භකයා විසින් කිම් රාජ වංශයේ ආරම්භකයාට ත්‍යාග කළ අනර්ඝ වස්තුව වූයේ ඔහුගේ ආශිර්වාදය තැන්පත් කළ මේ සූර්ය පලිගු ද්විත්වයයි.

එකක් දීප්තිමත් කහ පැහැයින්ද අනෙක ළා කහ පැහැයෙන්ද යුතු වූ මේ පළිගුවල ශුද්ද වූ පවුලේ ආරම්භකයා වූ මහා බලවත් මායාකරුගේ බලයන් කැටිකොට ඇති බව ඇස්ටේරියානුවන්ගේ විශ්වාසයයි.

Destiny [ JiKook ] onholdWhere stories live. Discover now