තවත් එක වෙහෙසකර දවසක නිමාවත් සමගින් සීතල රාත්රියක මම බස් එකට නැග්ගේ ගෙදර යන්න හිතාගෙනයි...
රෑ වෙලා තිබුන නිසාම බස් එකේ වැඩිය සෙනග පිරිලා හිටියෙත් නෑ. ඒක දැක්කම මගෙ හිතට පොඩි සැනසීමක් දැනුනා. බස් එකේ පිටිපස්සටම ගිහිල්ලා ජනේලයක් ලගින් වාඩි උන මම , බෑග් එක ඔඩොක්කුව උඩින් තියාගෙන ලොකු හුස්මක් අරන් පිට කරලා ජනේලෙන් එලිය බලාගත්තා.
බූසාන් නගරය හරිම ලස්සනයි..රෑට තවත් ලස්සනයි...
බූසාන් නගරයේ රාත්රියෙ විවිධත්වය දිහා බලන් මම හිතුවා...
ටිකකින් බස් එක ගමන පටන් ගත්තා. එක දිගටම ජනේලෙන් එලිය බලන් හිටිය මම , හුලන් ටිකක් වදින්න කියලා හිතාගෙන ජනේලය පොඩ්ඩක් විවෘත කරා. ඒ එක්කම ආව සීතල හුලගක් මගේ මුලු ඇගම වෙලා ගද්දි ඒ හුලගේ සීතලට ඇගේ හිරිගඩු පිපුනා මට දැනුනා...
බූසාන් නගරේ මග දෙපස තිබුන වීදී කඩවල් වල කෑම සුවද දැනෙද්දි...මට කෙනෙක් ව මතක් උනා..
"එයා ගොඩක් ආසයි වීදී කෑම කන්න..."
හිත ඇතුලෙන් එහෙම මිමිනෙද්දි , මගෙ මූනට නිකන්ම හිනාවක් ආවා...වීදී කඩ පෝලිම දිහා බලන් ගිය මට හමන හුලගෙ සීතල වැඩීයි වගේ දැනුනා...ඒ නිසාම මම ජනෙල් පියන වහලා දාලා සීට් එකට ඔලුව බර කරගෙන ඇස් පියාගත්තා.
ඒත් මට ඇස් පියාගෙන වැඩි වෙලාවක් සැනසීමේ ඉන්න පුලුවන් උනේ නම් නෑ. කලිසම් සාක්කුව ඇතුලේ vibrate වෙන ෆෝන් එක මගෙ ඒ සැනසීමට බාධා කරා...සාක්කුවට අත දාලා ෆෝන් එක එලියට අරගෙන බැලුවම මගේ හිතට ආව සිතුවිලි නම් ගොඩයි.
" ආයෙමත් ???...."
හිත ඇතුලෙන් එහෙම මිමිනෙද්දි , කෝල් එක ආන්සර් නොකර, ෆෝන් එකේ ස්ක්ර්රීන් එක දිහාම මම බලන් හිටියා.
INCOMING CALL " JIYA "
ෆෝන් එකේ ස්ක්රීන් එකේ සටහන් වෙලා තිබුනේ ඒ විදිහටයි...
" ගෙදර ගිහිල්ලම කතා කරනවා....බලමුකෝ...... "
මම මටම කියාගෙන ෆෝන් එකේ ස්ක්රීන් එක ඕෆ් කරලා සාක්කුවට දාගෙන ජනේලෙන් එලිය බලාගත්තේ හිස් හැගීමකිනුයි...
YOU ARE READING
💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]
Fanfiction" ජියා!!!! තමුසෙට පේන්නේ නැද්ද ?? මම බැදපු මිනිහෙක්....මට දරුවෙක් ඉන්නවා...තමුසෙගෙයි මගෙයි අතර සම්බන්ධයක් තිබ්බා තමයි...ඒත් දැන් එහෙම එකක් නෑ...මට මගෙ වයිෆුයි දරුවයි එක්ක පාඩුවේ ඉන්න දෙනවා.." Jungkook's story.....