💜️ chapter 03 💜️

558 101 25
                                    

⭕⭕⭕‼️ ලමයි මේ කොටස කියවන්න කලින් පොඩි දෙයක් කියන්නෝනේ... මේ chapter එකේ පොඩි 🔞  සීන් ටිකක් තියේ. ඒවා කියවන්න අකමැති අය ඉන්නවා නම් ඒ ටික skip කරන් යන්න.. ඔයාලගෙ ඕතරීට 21ක් උනාට ඕවා වැඩිය ලියන්න දන්නෙත් නෑ හැබැයි... ඒත් ලීවා ඉතිම් ඔහෙ... So ඔයාලට අපහසුයි වගේ නම් ඒ ටික skip කරලා අනිත් ටික කියවන්න 😘... එහෙනම් පහල A/N එකෙන් හම්බෙමු...enjoy.... ‼️⭕⭕⭕

.
.
.
.
.
.
.
.
.

එලීනාත් නිදි නිසා මුලු ගෙදරම තිබුනේ ලොකු නිශ්ශබ්දතාවයක්...ජංකුක් කෑමේ මේසෙ එක කොනක වාඩිවෙලා කෑම ගන්නවා...යූරා ජංකුක් දිහා බැලුවත් ජංකුක් හිටියේ කෑම පිගාන දිහා බලාගෙන විතරයි. ජංකුක් නිහඩයි..

" අපි දෙන්නා මේ වගේ නිහඩව හිටිය දවසක් ගැන මට මතකයක් වත් නෑ. නිහඩයි කියන්නේ හිතේ මොනවා හරි දෙයක් තියනවා කියන එක...එයා නිහඩව ඉන්න කෙනෙක් නෙවෙයි...මම හිතන දේ හරිද ???  ඒ නිසාද එයා නිහඩව ඉන්නේ...??  "

යූරා කෑම කන ගමන් ජංකුක් දිහා බලාගෙන හිතුවා.

" කුකී..."

" ම්ම්ම්ම්ම් "

" කෑම රසයිද ??? "

" හොදයි..."

" ඔයා ප්‍රශ්නෙකින් ද කුකී.."

" නෑ.... ඇයි එහෙම අහන්නේ..?? "

" නෑ...... මේ ..... ඔයා කතා කරන්නේ නැතුව ඉන්න නිසා ඇහුවේ.."

" හ්ම්ම්.."

ජංකුක් ගෙ අන්තිම උත්තරේ උනේ ඒක. යූරාට තේරුනා ජංකුක් ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙකින් කියලා..එයා තවත් මොකුත් නොකියා නිහඩවම ඉන්න හිතුවේ... තමන් කතා කරන එකෙන් තවත් ප්‍රශ්න වැඩි වෙයි කියලා හිතුන නිසයි...

ඉතින් , යූරා නිහඩවම කෑම කෑවා.

ඒ අතරතුර ජංකුක් කෑම කාලා plat එකත් අරගෙන කුස්සියට ගිහිල්ලා ඒක හෝදලා තියලා කාමරේට ගියා. ජංකුක්ට යූරා ගැන ගානක් තිබුනෙ නෑ...ඒ කරපු දේ නිසා යූරාගෙ ඇස් වලට කදුලු පිරෙද්දි , එයා පඩි පෙල නැගගෙන උඩට යන ජංකුක් දිහා දුක්මුසුව බලාගෙන ගියා.

" කවදාවත් එයා එහෙම කරලා නෑ...ඇයි මේ ??? "

යූරා හිතින් හිතන ගමන් කෑම plat එක හෝදන්න කුස්සියට ගියා.

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now