💜️ chapter 11 💜️

454 77 42
                                    


" ගුඩ් මෝනින් ජංකුක්... "

" මෝනින් ජිමිනා..."

" ඉතින්.... සෝල් ගමන කොහොමද...ලොක්කා පට්ට සතුටෙන් ඉන්නේ බං..උබ නිසා අපේ company එක ගොඩ ගියානේ..."

" හ්ම්ම්.."

" මොකද බං මේ සතුටු වෙන්න ඕන වෙලෙත් උබ මූන එල්ලගෙන කරන්නේ..."

" මොකුත් නෑ..."

ජිමින්ට එහෙම කීව ජංකුක් වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිටලා වොශ් රූම් එක පැත්තට ඇවිදගෙන ගියා.

" ම්ම්ම්ම්ම්....මේකට මක් වෙලාද ??? "

ජංකුක්ගෙ හැසිරීමේ වෙනසක් දැනුන නිසා ජිමිනුත් ජංකුක්ගෙ පස්සෙන්ම වොශ් රූම් එකට ගියේ ජංකුක් එක්ක කතා කරන්න හිතාගෙනයි.

.
.
.
.
.
.
.
.
.
.

ජිමින් වොශ් රූම් එක ඇතුලට යද්දි ජංකුක් සින්ක් එක ලගට වෙලා මූන හෝදන ගමනුයි හිටියේ..

" ජංකුක්... උබ මොකක් හරි ප්‍රශ්නයකින් ද ඉන්නේ..."

ජිමින් හෙමීට ජංකුක් ලගට කිට්ටු කරලා උරහිසකට අත තියලා ඇහුවා.

ජිමින් එහෙම අහද්දි ....

සින්ක් එකෙන් එන වතුර පාරට අත අල්ලගෙන හිටිය ජංකුක් , තමන්ගෙ අත් දෙකටම පිරිලා තිබුන වතුර ටික එහෙම්ම ම සින්ක් එකට හලලා ටැප් එක වැහුවා..

" ජිමිනා... "

සින්ක් එක දිහා බලාගෙන හිටිය ජංකුක් , ජිමින් ගෙ නම කියන ගමන් ජිමින් දිහා බැලුවේ ඇස් වල කදුලු පුරවගෙනයි..

" ඒ ජංකුක්...උබ මොකද මේ අඩන්නේ...😳 "

" ඇයි බං මොකක් හරි ප්‍රශ්නයක් ද ..."

" කතා කරපංකෝ ජංකුකා..."

ජිමින් පුදුමෙන් වගේ ජංකුක් දිහා බලාගෙන අහද්දි ,  ජිමින්ව බදාගත්ත ජංකුක් , පොඩි එකෙක් වගේ අඩන්න පටන් ගත්තා.

" ජංකුකා...ජංකුකා... ඇයි බං...මේ...මාව බය නොකර කියපංකෝ...ඇයි මේ අඩන්නේ..."

" ඒකී මාව නැති කරා බං.... ඒකි මට මාවම එපා කරා...මට මේ ඇග එපා .... මට මේ ඇග එපා ජිමිනා..😭😭😭😭."

" ඇග එපා...??? මොනවද මේ කියවන්නේ.... එතකොට කාටද උබ ඒකි කීවේ..."

" මට මාවම අප්පිරියයි ජිමිනා... මාව මරලා දාපං.....ඇස් දෙක පියාගත්තම මට ඒ ජරා සිද්දි ඔක්කොම මැවිලා පේනවා ජිමිනා 😭😭😭😭😭😭.මට නිදහසේ නිදාගන්නවත් පුලුවන් කමක් නෑ....මට මෙහෙම ජීවත් වෙන්න බෑ... පිරිමියෙක් වෙලත් මං ඒකිට පැරදුනා...මං පැරදුනා ජිමිනා..😭😭😭😭 "

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now