💜️ chapter 02 💜️

662 107 20
                                    

කෝල් එකට ආන්සර් කරපු ජංකුක් ආයෙම ඇද ලගට ඇවිල්ලා ලොකු හුස්මක් අරන් පිටකරා..ෆෝන් එක ටේබල් එක උඩින් තියලා ඇදලා හිටිය ටී ශර්ට් එක ගලවපු ජංකුක් ඇදෙන් වාඩි උනා. ඒ එක්කම යූරා තමන් වාඩි වෙලා ඉන්න පැත්තට හැරෙනවා ජංකුක් දැක්කා. යූරා හොයන්නේ තමන්ව බව තේරුම් ගත්ත ජංකුක් , යූරා ඇහැරෙන්න කලින් ඇදේ හාන්සි උනා.

ජංකුක් හාන්සි වෙනවත් එක්කම එයා ලගට ඇදිලා ආව යූරා , ජංකුක්ගෙ නිරුවත් පපුව උඩ ඔලුව තියාගෙන ඒ උනුසුමට ගුලි උනේ හරියට පොඩි ලමයෙක් වගේ...යූරගෙ ඔලුව හෙමීට අත ගෑව ජංකුක් , ඇහැරෙන්නේ නැතිවෙන්න යූරාගෙ නලලට හාදුවකුත් දීලා තමන්ගෙ පපුවට තවත් තුරුල් කරගත්තා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

NEXT DAY MORNING....

ජංකුක් ට ඔෆිස් යන්න ඕන නිසා යූරා උදේම නැගිටලා කෑම හදලා කෑම පෙට්ටිය සාලේ සෝෆා එකේ ටේබල් එක උඩින් තිබ්බා. ජංකුක් ඒ වෙලාවේ හිටියේ එලීනගෙ කාමරේ...මොකද , ජංකුක් උදේම ගෙදරින් යන නිසා එලීනා ඒ වෙලාවට හොදටම නිදි...ඉතින් වැඩට යන්න කලින් එලීනගෙ කාමරේට ගිහිල්ලා එයාව කිස් කරලම පහලට එන එක දැන් ජංකුක්ට පුරුදුද්දක් වෙලා...

" මෙන්න කෑම එක..."

ජංකුක් පහලට ආවම යූරා එයාට කෑම පෙට්ටිය දික් කරලා කීවා.

" ම්ම්ම්...මම ගිහිල්ලා එන්නම් මැනික....දෙන්නම පරිස්සමින් ඉන්න...."

ජංකුක් යූරාගෙ අතේ තිබුනු කෑම පෙට්ටිය අරගෙන , යූරාව ආදරෙන් තුරුල් කරන් නලල සිපගෙන කීවා.

" ඔයත් පරිස්සමින් කුකී..."

ජංකුක් යූරාව බදාගෙන ඉවර වෙලා සුපුරුදු විදිහට ම ගෙදරින් එලියට බැස්සෙ එයා වැඩ කරන ඔෆිස් එකට යන්නයි...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජංකුක් ගෙදරින් ගියාට පස්සෙ දොරත් වහලා සාලෙට ආව යූරා , තමන්ගෙ දෛනික ගෙදර වැඩ ටික කරන්න පටන් ගත්තා.

මුලින්ම කෑම කාලා ඉන්න ඕන කියලා හිතලා උදේට හැදුව කෑම ටික ඉක්මන්ට කාලා ඉවර උන යූරා..කුස්සියේ වලන් පිගන් ටික හෝදලා දාලා කුස්සියේ වැඩ ටික ඉවර කරලා සාලෙට ආවා. එලීනා ඊයේ රෑ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු සාලේ හැමතැනම විසික්කලා තිබුනු නිසා ඒවා එකින් එක අහුලලා සෙල්ලම් බඩු දාලා තිබ්බ බකට් එකට දැම්මා. ඊට පස්සෙ සාලෙ වැකුම් කරලා ඉවර වෙද්දිම එලීනා නැගිටලා අඩන සද්දෙ ඇහිලා ඉක්මන්ට කාමරේට දුවලා ගියා.

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now