💜️ chapter 10 💜️

504 86 24
                                    


" අපිට ගොඩක් සතුටුයි මිස්ටර් ජංකුක් ඔයාලා එක්ක මේ ඩීල් එක කරන්න ලැබුන එකට..."

" අපිටත් ගොඩක් සතුටුයි මිස්ටර් ලීහුක් ... ඔයාලා අපේ company එකත් එක්ක එකතු උන එක අපිට ලොකු හයියක්.."

" අනිවාර්යයෙන් ම... මේක අපිටත් හොද අවස්ථාවක්..."

.
.
.
.
.

" Congratulations miss ජියා..."

ලීහුක් ජියා දිහාවට අත දික් කරලා කීවා..

" you too මිස්ටර් ලීහුක්..."

ජියා හිනා වෙලා ලීහුක් ට අතට අත දෙන ගමන් කීවා.

" එහෙනම් අපි යනවා... have a nice day.."

" thnk you මිස්ටර් ලී..."

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

පැය දෙකක කාලයක් පැවතුන meeting එකෙන් පස්සෙ හරිම සාර්ථක විදිහට ජංකුක්ලගෙ company එකට සෝල් වල ප්‍රධාන පෙලේ කම්පැනි එකක් උන KMC company එකත් එක්ක ඩීල් එකක් පටන් ගන්න පුලුවන් උනා.

ජංකුක්ගෙ කතා විලාසයට...ජංකුක්ගෙ පෞරුෂයට .... KMC එකේ ලොක්කා උන මිස්ටර් ලීහුක් ගොඩක් ආස කරා. ජංකුක් නිසාමයි මේ අවස්ථාව YJ company එකට ලැබුනේ. ( YJ company එක කියන්නෙ ජංකුක් වැඩ කරන company එකේ නම )

meeting එක පුරාවටම ජියා වැඩිය මොකුත් කතා නොකර ජංකුක්ට ම අවස්ථාව දීලා පැත්තකට වෙලා හිටියා.මොකද උදේ සිද්ද උන දේවල් එක්කන් ජියා තවමත් හිටියෙ හොදටම කේන්තියෙනුයි. ජියාට ජංකුක්ව දකිද්දි මුලු ඇගම වෙව්ලන තරමට තරහක් ආවත් KMC කම්පැනි එකේ අය ඉස්සරහ ලැජ්ජා වෙන්න බැරි කමට ජියා තමන්ගෙ තරහ පාලනය කරගෙන හිටියා..

මීටින් එක ඉවර වෙද්දි දවල් 1.00 විතර උනා.. මිස්ටර් ලීහුක් එයාගෙ company එකේ අයත් අරගෙන පිටත් උනාට පස්සෙ....ජංකුක් තව දුරටත් එතන නොයිද ඉක්මන්ට කාමරේට එන්න ආවේ සූට්කේස් එක අහුරගන්න ඕන නිසයි..

ජංකුක් තමන්ගෙ කාමරේට ඇවිදගෙන යන පස්සෙන් ජියත් ඇවිදන් ආවේ ජංකුක් දිහා උඩ ඉදන් යටට ම බලන ගමනුයි..

"උබ මොකක්ද හිතන් ඉන්නේ ජංකුක්...උබ දිනුවා කියලද ?? හහ්...😏 මේ ජියා වැඩක් කරන්නේ ගොඩාක් හිතලා බලලයි...උබ මට ගැහුව කනේ පාර මට කවදාවත් අමතක වෙන්නේ නෑ..ඒ පාරෙන් මට රිදුනෙ කොච්චරක් ද ඊට වඩා සිය දහස් ගුනයක වේදනාවක් මං උබේ යූරාට දෙනවා.. උබගෙන් පලිගන්න තියන හොදම ක්‍රමේ ඒක.... උබ යූරාට ගොඩක් ආදරෙයි නේද.... පුලුවන් නම් දැන් උබේ යූරාව බේරගනින්...."

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now