දවල් වරුවෙම හෙට තියන meeting එකට සූදානම් උන ජංකුක් , රෑට කන්න oder කරපු කෑම අරගෙන එනකන් තමන් ඉන්න රූම් එකේ ලොකු කර්ට්න් එක දෙපැත්තට කරලා ජනේලයෙන් එපිට පේන ලස්සන සෝල් නගරය දිහා බලාගෙන හිටියා.
උස බිල්ඩින්...පොඩි පොඩි බිල්ඩින්... අතරින් වැටිලා තිබුනු ප්‍රධාන පාරේ ගමන් කරන වාහන ජංකුක් ට පෙනුනෙ හරියට කූඹී රෑන් වගේ... ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජංකුක් ඊලග මොහොතේ තමන්ගෙ ඇස් අරන් ගියේ නිල් පාට ලයිට් වලින් සරසලා තිබුනු උසම උස කුලුනක් ලගටයි...ඒ කුලුන නම්සන් කියලා අදුරගන්න ජංකුක්ට වැඩි වෙලාවක් ගියේ නෑ..
නම්සන් කුලුන ඇහැ ගැටුන ජංකුක්ට , තමන්ගෙ university කාලෙ පරන මතකයන් හිතට ගලාගෙන එන්න ගත්තා.. ඒත් ජංකුක් ඒ මතකයන් වලට ගොඩක් වෛර කරා..මොකද ඒ හැම මතකයක් ම ජියා එක්ක සම්බන්ධ නිසා..
නම්සන් කුලුන දැක්කට පස්සෙ ජංකුක්ට වැඩි වෙලාවක් ඒ දිහා බලාගෙන හිත සැහැල්ලුවෙන් ඉන්න බැරි උනා... ජංකුක් ජියාට වෛර කරන තරමට...ජියා එක්ක බද්ද උන ඒ අතීතෙටත් ගොඩක් වෛර කරා. ඒ නිසාම කර්ට්න් එක ආයෙමත් වහලා දැම්ම ජංකුක් සුසුමක් පිට කරලා ඇද ලගට ඇවිදගෙන ගියා..
" ඒ අතීතේ මට අමතක කරන්න පුලුවන් නම්...ඒක මට මහ වදයක්... මම ජීවිතේ කරපු ලොකුම මෝඩකම තමයි ජියාව මට ලං කරගත්ත එක... මං කරපු ඒ මෝඩකම දැන් මගෙ පස්සෙන් පන්න පන්න එනවා... මට සමාවෙන්න යූරා... මම මේ දේවල් ඔයාට කීවෙ නැති එකට... මං කොහොමද ඔයාට ඒවා කියන්නේ...ඔයා මට කොච්චර ආදරේ කරනවද... මාව විශ්වාස කරනවද... මගෙ අතීතෙ ගැන මං ඔයාට කීවොත් ඔයා මන් දිහා විශ්වාසෙන් බලයිද ?? ඒ ගැන මට බයයි... මම පොරොන්දු වෙනවා... අපේ චූටි පවුලේ සතුටට මගෙ මේ කාලකණ්ණි අතීතෙ බාදාවක් වෙන්න දෙන්නෙ නෑ කියලා... මගෙ මුලු ජීවිතේම ඔයා විතරයි යූරා.."
ඇද ලග ටේබල් එක උඩ තිබුන ෆොටෝ එක අතට අරගෙන ෆොටෝ එකේ ඉන්න යූරා දිහා බලාගෙන ජංකුක් තමන්ටම කියාගත්තා..
ටක් 🚪💥 ටක් 🚪💥 ටක් 🚪💥
" දොර ලොක් කරලා නෙවෙයි තියෙන්නේ ඇතුලට එන්න.."
ෆොටෝ එක ටේබල් එක උඩින් ම තිබ්බ ජංකුක් දොර පැත්තට හැරිලා ටිකක් සද්දෙට කීවා.
YOU ARE READING
💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]
Fanfiction" ජියා!!!! තමුසෙට පේන්නේ නැද්ද ?? මම බැදපු මිනිහෙක්....මට දරුවෙක් ඉන්නවා...තමුසෙගෙයි මගෙයි අතර සම්බන්ධයක් තිබ්බා තමයි...ඒත් දැන් එහෙම එකක් නෑ...මට මගෙ වයිෆුයි දරුවයි එක්ක පාඩුවේ ඉන්න දෙනවා.." Jungkook's story.....