💜️ chapter 07 💜️

394 78 28
                                    

NEXT DAY MORNING...

" පරිස්සමින් ඉන්න මැනික...එලීනවත් බලාගන්න...මම ඉක්මන්ට එනවා.. "

ජංකුක් තමන්ගෙ සූට්කේස් එකත් අරගෙන ඉස්සරහ දොර ලගට ඇවිල්ලා ටිකක් නැවතිලා යූරාගෙ නලල සිපගෙන කීවා.

" ඔයත් පරිස්සමින් ගිහිල්ලා එන්න කුකී...කෝල් කරන්න අමතක කරන්න එපා හොද ද.."

"හරි මම කෝල් කරන්නම්."

ජංකුක් යූරාගෙ ඔලුව අත ගාලා එහෙම කියලා ටිකක් පාත් වෙලා යූරාගෙ බඩටත් කිස් එකක් දුන්නා...

" අප්පා එනකන් ඔම්මට කරදර කරන්න එපා මගෙ කොලු පැටියෝ..."

යූරාගෙ බඩ හෙමීට පිරිමදින ගමන් එහෙම කීව ජංකුක් , යූරා දිහා හිනා වෙලා බැලුවා. එවෙලේ යූරා ජංකුක් ලගට ඇවිල්ලා ජංකුක් ගෙ තොල් වලට කෙටි හාදුවක් දුන්නා.

" මම ගිහිල්ලා එන්නම් මැනික..."

ඒ කෙටි හාදුවෙන් පස්සෙ යූරාගෙ ඇස් දිහා බලන් ජංකුක් මිමිනුවා..

"හරි කුකී පරිස්සමින් "

යූරාට සමුදීපු ජංකුක් සූට්කේස් එකත් අරගෙන ගෙදරින් එලියට බැස්සා.

ජංකුක් , ගේට්ටුවෙන් එලියට යනකන් ම යූරා දොර ලගට වෙලා බලන් ඉදලා ටිකකින් ගේ ඇතුලට ගියා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජංකුක් ගෙට්ටුවෙන් එලියට එද්දිම වගේ කලුපාට බෙන්ස් කාර් එකක් හෝන් කරගෙන ඇවිල්ලා ගේට්ටුව ලගින් නැවැත්තුවා. ඒක කම්පැනි එකෙන් එවනවා කීව කාර් එක කියලා අදුරගත්තු ජංකුක් , තමන් හිටගෙන හිටිය පැත්තෙ තිබ්බ කාර් එකේ පිටිපස්සෙ දොර ඇරියා.

" good morning ජංකුක්... "

දොර අරිද්දිම ඒ පැත්තෙ සීට් එකේ හිටියේ ජියා. එයා ලිප්ස්ටික් ගගා මිරර් එක්කින් මූන බල බලයි හිටියේ. ජංකුක්ව දැක්ක ගමන් ජියා gm කීවත් ඒක කියන ගමන්ම කාර් එකේ දොර වහලා දැම්ම ජංකුක් , ඩිකියට සූට් කේස් එකත් දාලා අනිත් පැත්තෙන් කාර් එකට නැග්ගා.

ජංකුක් කාර් එකට නැග්ගම කාර් එක බූසාන් වල ප්‍රධාන පාරට අරගත්තා. පිටිපස්සෙ සීට් එකේ ගියේ ජංකුක් , ජියා දෙන්නා. ඉස්සරහ සීට් දෙකේ driver එක්ක තව මනුස්සයෙක් හිටියා.

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now