💜️ chapter 12 💜️

402 80 13
                                    

🍁....TWO MONTHS LATER....🍁

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

කාලය ටිකෙන් ටික ගත වෙලා දින සති මාස ගනන් ගෙවිලා යද්දි යූරාගෙ කුස ටිකෙන් ටික ලොකු වෙන්න ගත්තා. දැන් යූරාගෙ කුසට මාස 7 ක් විතර වෙනවා..

මේ ගෙව්න මාස දෙක ඇතුලත ජංකුක්ගෙ හැසිරීමේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් යූරාට දැනෙන්න පටන් අරනුයි තිබුනේ. ජංකුක් සමහර දවස් වලට ගෙදර එන්නෙත් ගොඩක් රෑ වෙලා...ඒ වගේ දවස් වලට එයා ගෙදර එද්දි හොදටම බීලයි එන්නේ... හිටගන්නවත් පන නැතුව වැනි වැනී ගෙදරට ආව උනත් සද්ද නැතුව කාමරේට ගිහිල්ලා නිදා ගන්නවා මිසක් ජංකුක් යූරාට කිසිම කරදරයක් උනේ නෑ.ඒ උනත් ජංකුක්ගෙ මේ හැසිරීම් රටාව ගැන යූරා හිටියේ ලොකු දුකකිනුයි.

ජංකුක් මෙහෙම හැසිරෙන්න හේතු... බොන්න හේතු... යූරා මේ මාස දෙක පුරාවටම ජංකුක්ගෙන් කොච්චර ඇහුවත් එයාගෙ උත්තරේ උනේ නිහඩව ඉන්න එක විතරයි. ජිමින්ගෙන් ඇහුවත් ජිමිනුත් නිහඩව කතාව මගාරිනවා මිසක් හරියට දෙයක් කීවේ නෑ.. ඒ කොහොම උනත් යූරා ඒ දේවල් යට හිතේ තියන් පුලුවන් තරම් ජංකුක් එක්කම ඉදලා එයාව සතුටින් තියන්න උත්සාහ කරා.

" කුකී...මට අරක කන්න ආසයි..."

" කුකී මගෙ කොන්ද ටිකක් මසාජ් කරන්නකෝ.."

" කුකී මගෙ කකුල් රිදෙනවා..."

" කුකී මාව බදාගන්නකෝ..."

" කුකී මට කවන්නකෝ..."

යූරා පොඩි බබෙක් වගේ හැමවෙලේම ජංකුක්ව හොය හොය එයාව ලගින්ම තියාගන්න උත්සාහ කරේ ඔන්න ඔය වගේ දේවල් කිය කියයි. ඇත්තටම ජංකුක්ගෙ සතුට සැනසීම තිබුනෙ යූරා ලගම විතරයි..ඒ නිසා මොන ප්‍රශ්න ඔලුවෙ තිබ්බත් යූරාට කිසිම අඩුපාඩුවක් නොකර පුලුවන් හැම වෙලේම එයා ලගින් ඉන්න ජංකුක් වග බලාගත්තා. යූරා ගැන ගොඩක් හොයලා බැලුවා..යූරාට එයාගෙ ජීවිතේ මුල්ම තැන දුන්නා. වෙලාවට ඩොක්ටර් ලගට අරන් යන්න...ගෙදර ආවම කෑම හදන්න...යූරාගෙ කකුල් මසාජ් කරන්න...ජංකුක් ඒවා කරේ ලොකූ ආදරේකිනුයි..

ජංකුක්ගෙත් යූරාගෙත් හිත් යට කොච්චර ප්‍රශ්න තිබුනත් ඒවා එලියට නොදා පිටින් පේන්න හිනා වෙලා පවුලේ ආදරේ රැකගන්න දෙන්නම උත්සාහ කරද්දි ඒ දිහා ඉරිසියාව පිරුනු ඇස් දෙකක් බලාගෙන හිටියා..තමන් මෙච්චර ගිනි අවුලලත් මේ පවුල තාම කැඩුනෙ නැත්තෙ ඇයි කියලා හිත හිත දවස ගානේ ඒ ලස්සන පවුල කඩලා දාන්න අරඇදපු කෙනෙක් හිටියා.. ඔව් ඒ ජියා... ජියාම තමයි..

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now