ජිමින් තවම නෑ. ඔකී නම් නිදි හොදටම. නටලා නටලා කෙල්ලට මහන්සි වගේ. ඔකීව ඇදට ගෙනියලා එයාව ඇදෙන් තියලා ජිමින් එනකන් කියලා ඔකී ගාව ඉද්දි මට නින්ද ගිහින්. මන් ඇහැරුනේ මගේ අතට කවුරු හරි තට්ටුවක් දාපු නිසා. ඇස් ඇරලා බලනකොට ජිමින් හිටියේ. මාත් බබා නිදි නිසා සද්ද නොකරම ජිමින් එක්ක බබාගේ රූම් එකෙන් එලියට ගියා.
ජිමින් එන්න කියලා එයා යනවා මාව දන්නේ නෑ වගේ. මාත් ඕනි එකක් කියලා එයාගේ පස්සෙන්ම ගියා පහලට. ජිමින් ගිහින් වාඩි උනේ ඩිනර් ගන්න. අජුම්මා ඔක්කොම ලෑස්ති කරලා ගිය නිසා මට වැඩක් තිබුනෙත් නෑ කරන්න. මාත් ගිහින් ජිමින්ගේ එහා පැත්තෙන් වාඩි උනා.
කතා කරන් නැතුන් කෑම කනකොට මෙලෝ රහක් නෑ වගේ නිසා මන් ම කතාව පටන් ගත්තා."ජිමින් බබා කෙයා සෙන්ටර් එක්කට දාලද තියෙන්නේ?"
වෙන මොනා අහන්නද... මන් මේ මැරේජ් එකට කැමති වෙන්න ලොකුම හේතුව බබානේ..
"ඔව්.. අජුම්මගෙන් ඒ ගැන අහන්න. එයා තමා වෙනදට බබාව අරන් යන්නේ"
මෙයා එක්ක කතා කරන්න ඒක ඇහුවම අජුම්මගෙන් අහන්නලු..
පුදුම ලොකු කම... කතා කරා කියලා ඇගෙන් කෑල්ලක් යනවා ඇයි..
ඔහේ කෑම කාලා ඉවර උනා ඉතින්.. මීට වඩා හොදයි බබා එක්ක කනවා. කාලා ඉවර වෙලා මන් රූම් එකට යනකොට ජිමින් ලැප් එකත් තියාගෙන මොනාද කරනවා.මන් බබාවත් බලලා ඇදට ආවේ නිදාගන්න උනාට නිදිමත නැති නිසා මන් ෆෝන් එක අරන් ඉයර් ෆෝන්ස් ගහගෙන සින්දු අහන මනෝ ලෝකෙට ගියා.
පහුවදා මම නැගිටිනකොට පහට විතර ඇති. සීතලම සීතලයි. බෙඩ් ශීට් එක බලද්දි කකුල් දෙකෙනුත් පහල ඒක.
වෙනදා පුරුද්දට ආය අනික් පැත්තට හැරුනේ දෙවෙනි පාරට නිදාගන්න උනාට දැක්ක දේ නිසා මගේ නිදිමතත් නැති උනා.
එහා පැත්තේ ජිමින් නිදි. බබා වගේ ඇගිලිත් බාගෙට නවාගෙන කොන්ඩෙත් මූනට වැටිලා.. හැමදාම උදේට මේම දෙයක් දර්ශනය වෙනවා නම් ආය දවස ගැන කතා කරලා වැඩක් නෑ 😌ඊලග පාර නැගිටිද්දි නම් ජිමින් නෑ... නැගිටලා වගේ... මාත් ඇදේ වාඩි වෙලාම ෆෝන් එක අතට ගත්තේ වෙලාව බලන්න. හත හමාරයි.. කලින් වැඩිද මන්දා.. ආය නිදාගන්න බැරි නිසා මන් සොෆා එක උඩ දාලා තිබුන වතුර බෝතලේ අරන් අනික් පැත්ත හැරුනේ දොර අරින සද්දෙට.
ESTÁS LEYENDO
Loving Us || PJM [Completed]
Fanficඔම්මගේ ආදරේ අහිමි උන පුංචි ගෑනු ළමයෙක්... ආදරේ මගහැරුන තරුනයෙක්... මේ දෙන්නාගේ ජීවිත පාට කරන්න එන තරුනියක්... මේ ඔවුන්ගේ කතාව... Cover by: @_Lan_Kimra