💜️ 8 💜️

1.2K 286 521
                                    

(අටවන කොටස - 🚌සවාරිය)



"ඕයී...ඕයී...ඔතන මගේ..."

"බෑ මට මේ ජනේලෙ අයින ඕන."

"එහාට පලකො දොර ළඟ ඉදන් මගුලක් කරන්නෙ?"

"ඒ...ඒ...අතනට යමන්...අතනට යමන්..."

"උඹ වමනෙ පෙත්ත බිව්වද?"

"අඩෝ පිටිපස්සට යමන්..."

"ඕයී...මගේ කකුළ පාගන්න එපා."

"ඒ බන් අර බෙරේ ගෙනාවද?"

"අඩේ සැන්විච් පෙට්ටිය දාගත්තනේ?"

"පිටි පස්සෙ අරුන් ටික ලැගගෙන බන්."

"ඒ...කැමාරාව ගෙනාවා නේද?"

ඔබට මේ පෙනෙන්නේ පාසල් සිසුන් වගයක් චාරිකාවක් යෑම සදහා බස් රථයට ගොඩ වෙන උද්වේගකාරී අවස්ථාවකි.අද තමයි මේ පාසලේ ළමයි මේ වසරේ චාරිකාව යෑම සදහා පිටත් වන්නෙ.ඉතින් කඩිමුඩියේම හැමෝම බස් රථයට ගොඩ වෙලා ඉන්න තැන් අල්ල ගන්න පොරකමින් තමයි දැන් ඉන්නෙ.මොකද වෙනදට පාසලේ නොපැමිණෙන අයත් අද පාසැල් පැමිණිලා තියෙන්නෙ චාරිකාව පිටත් වීම සදහායි...

Jimin- එහාට යනවා වල් හාවා...මමයි ඔතන ඉන්නෙ...

Jk- ඔච්චර සීට් තියෙන්නෙ...තවුසෙ යනවකො...

Jimin- මමයි ටේ ගාව ඉදගන්නෙ...එහාට පලයන්...

Jk- තවුසෙ යනවකො කොටෝ වාතයක් නොවී...

Jimin- තවුසෙ නෙ වාත වෙන්නෙ මෙතන...මොන්ඩිසෝරී කාලේ ඉදලා මමයි හැම ටිප් එකක්ම ටේ එක්ක ගියේ...ඔහේ පස්සෙ ඇවිල්ලා මගේ අයිතිවාසිකම් උල්ලංඝනේ කරන්න එපා...

Jk- හරියට වචනයක් කියා ගන්න බෑ...ඔහේ වගේම ඔහෙගෙ දිවත් කොටද?

Jimin- තවුසෙට වැඩක් නෑනේ ඒක එහාට යනවා ඔතනින්...

Jk- මට බෑ...මම එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් තවුසෙත් එකක් හොයාගෙන පලයම්කො ඒකා ගාවට...

Jimin- බෑ...බෑ...මට ඔතන ඕනෙමයි...එහාට යනවකෝ...

Jk- මං යන්නෙ නෑ...

Jimin- යනවා ඔතනින්...

Jk- බෑ...බෑ යන්නෙ නෑ...

ජන්කුක්,ජිමින් ඩබල මේ විදිහට රණ්ඩු වෙද්දි සවාරිය ගැන මනෝලෝකෙක අතරමං වෙලා හිටපු ටේට නම් මේ දෙන්නගෙ විකාරේ ගාණක් වුන්නෑ.ඒ අස්සෙ ඉස්සරහට වෙලා ළමයිගෙ ආරවුල් විසදමින් සිටි ඔවුන්ගෙ පන්ති භාර ගුරුවරයා ජේම්ස්...

GO GO Bebe 💕✔︎Where stories live. Discover now