💜️ 1 💜️

3.5K 415 1.4K
                                    

(පළමු කොටස-🐝...ගුම් නාදේ රෑනෙන්...රෑනෙන්...)







"එහාට යනවා...එහාට යනවා..."

"අන්න...අරූ එනවා...එහාට පලයා...ම්....."

"ඔන්න බඩබෝලේ එනවෝ..."

"ආව්ව්...ගෑණියේ මගේ කකුල පාගන්න එපා..."

"මමද මිනිහෝ පෑගුවේ...?"

"ඒයී දිගන්චියා...ඔතනින් එහාට්ට පලයම්...ඕක මං ඉන්න තැන..."

"කෝ...කවුද...?කෝ...මට පේන්නෑනේ...?මේ අර කොටාව උඹලා දැක්කද?"

"කෑගහන්න එපා යකූ...මගේ කන..."

"ඒයී...බිළාලයා...නැගිටපිය..."

"අඩූ...හෝම්වර්ක්...?"

"ඕයී...ඕයී...ඔය පොත දීපම්..."

"අනී...මගේ පර්ස් එක කෝ...කවුද ගත්තේ..."

"අපෝ...නාහෙන් අඩන්න එපා...පෑනක් විතරයි ගත්තෙ...මොනවද බන් මේ ලිප්ස්ටික් කෑලිත් මේ මගුල අස්සෙනේ..."

"ගෑණුන්ගෙ හැටිනෙ බන්."

"අඩෝ...ඔය මල පස්සෙ නෙලා ගනින්...ඉක්මනට මේ ටික ලියපන්..."

"ඕ...මයි හාර්ටූ...මං පරක්කු වෙලාද?"

"ගිහින් නට...නටම හිටපන්...එන්න එපා මේ පැත්තේ..."

"කෑගහන්න එපා යකුනේ...අරූ මාව ඉවරයක් කරයි..."

"වාඩි වෙයන්...වාඩි වෙයන්..."

"බැහැපිය ඌරූ තඩියා...මගෙ උකුළෙන්..."

"ඕයී...ඔය මං ඉන්න තැන..."

"කමක්නෑ...දැනට ඔහොම හිටපන්..."

"ඒ...බම්...වොෂ්රූම් යන්න ඕනේ වගේ බම්..."

"දැන් හිටපන්...තව ටිකකින් බොටත් හරි මටත් හරි..."

හැමදාම වගේ සිද්ද වෙන මේ සිද්ධි දාමය කාටත් අරුමයක් නොවෙයි.මේ පාසලේ ඉගෙන ගන්න එන්නෙ රටේ ඉන්න හොදම පොහොසතුන්ගෙ දරුවොලු.ඒත් ඔතනින් හරියට යමක් ඉගෙන ගෙන එළියට යන්නෙ බොහොම අතලොස්සයි.සල්ලි තියන නිසා මේ අයට ඉගෙනීමේ අගයක් තේරෙන්නෑ.හැබැයි හැමෝම එහෙම නෑ.මේ පාසලේ විදුහල්පති තමයි බන්ග් සි-හ්‍යුක් කියන්නෙ.ඒත් මේ පාසල තුළ නම් ඔහුව ජනප්‍රිය වෙලා තියෙන්නෙ බඩ බෝලේ කියන නමින්...

GO GO Bebe 💕✔︎Où les histoires vivent. Découvrez maintenant