💙 4 💙

1.2K 283 430
                                    

(සිව් වන කොටස- 🙂සහෝදරයා...)



එදා අපි කොහොම හරි එකතු වෙලා හොබීව බේර ගත්තා.ඇත්තටම එදා වෙලා තියෙන්නෙ කවුරුත් හිතපු දෙයක් නෙමෙයි.ඇත්තටම හොබීව කවුරුත් උස්සලා නෙමෙයි.මිනිහා හීනෙන් ඇවිදන් ගිහින් තමයි ඔහොම හරි බේරිලා තියෙන්නෙ.අනේ ඉතිම් ඕක ඇහුවට පස්සෙ හැමෝම එකතු වෙලා අපිව නොමග යවපු ජැකියට නෙලන්න ගත්තෙ හොබියගෙ බ්ලැන්කට් එකේ තිබුන තක්කාලි සෝස් ලේ කියලා අපිව බය කරපු එකට හරියන්න පලිගන්න හිතාගෙන වුනත් කැළේ මැද්දෙන් ඇහුන බඩබෝලෙගෙයි,JY සර්ගෙයි සද්දෙට අපි හැමෝම ඒ පැත්තට ගියා...

අනේ ඉතිම් මහ රෑජාමේ මේ නාකි සමයම් දෙක ඒ අස්සෙ මඩ වගුරක එරිලා.අන්තිමට එයාලව බේරගන්න ගිහින් බොහොම අමාරුවෙන් අපිවත් ඒකට ඇදිලා යන්න කළින් පාන්දර කැළේ පැත්තට ආපු වනජීවී මාමලා ටිකක් ඇවිත් ඒ දෙන්නවත් ගොඩ ගත්තා.ඒ මාමලා නම් කිව්වෙ මීට වඩා ලේසියිලු වගා ළිං වල වැටිච්ච වල් අලි ගොඩ ගන්න එකත්...

එදා දවස නම් ජීවිතේට අමතක වෙන්නෑ...

"ආයීශ්.............මොකාද මගේ කොට්ටෙ පලපු ගොන් බූරුවා........ආආආ.............ටේ........මෙහේ එනවා..........."

ඔන්න මගේ ආදරණීය සහෝදරයා උදේ පාන්දරම පුරු,පුරු ගානවා.හරියට මං ලොකු වැරැද්දක් කරළා වගේනෙ මේකා මේ කෑගහන්නෙ?ඇයි අනේ මේකගෙ අර දිරච්ච ඇදේ ඇණේක පැටලිලා මගේ ටටාගෙ ඔලුව හිල් වෙලා පුලුන් ගොඩක් ගියා.මෙයා නෙමෙයිනෙ මගේ ටාටාට පුලුන් දෙන්නෙ?ඉතිම් මං එයාගෙ ටෙලිසීන් එකෙන් ගත්ත බැම්බො පිලෝ එකෙන් පුලුන් ටිකක් ගත්තා...

කියන්නෙ නම් බැම්බෝ පිලෝ කියලා.ඒත් එකේ ඇති බම්බුවකුත් නෑ...

"ටේ...........මෙහෙ එනවා................"

"කෑ ගහන්න එපා වදේ...නිකන් සීයා කෙනෙක් වගේ.ඉස්කෝලෙදි නම් කොහොමද?කට ඇරියොත් බස්සා වගේ ම්ම්...ම්ම්...විතරයි.අඩන්න ගත්තොත් ගෑණූ පරාදයි.අපෝ එදා හොබියා අතුරුදන් වෙච්ච දවසෙ මූ අඩපු කැත.අර ජෙනී අඩනවා ඔයිට වඩා ලස්සනට."

GO GO Bebe 💕✔︎Onde histórias criam vida. Descubra agora