(අවසන් කොටස-💗ආදරය II...)
පසු දින උදෑසන...
Baek- මොකද බන් මේ සසර කළකිරිලා වගේ?
Kai- ඇයි බන් මටම මෙහෙම?හැම එකාටම හරි යද්දි මං කොණේ.
Baek- නාඩා ඉදින් බන්.උඹටත් හරියන එකෙක් සෙට් වෙයි.බලපන් උඹේ මොන අඩුවක්ද?
Kai- උඹට සුවර්ද බෙකෝ?
Baek- ඔව්.හැබැයි ඔය වටේට පැණි හලන එකයි,අනුන්ට බාල්දි පෙරළන එකයි උඹ නවත්තලා යහපත් කල්කිරියාවෙන් ජීවත් වුනොත් අනංගයා උඹවත් හොයන් එනවා අම්මපා.
Kai- අනංගයා හිටියට උගෙන් වැඩක් නෑ බන් මට.
Baek- එහෙම නෙමෙයි බන් කිව්වෙ...
Kai- එ...ඒ...බෙකී...අරූ මොකද බන් අර අද සිල් ගත්ත උපාසක බළලා වගේ දොරකඩ ගාව තැපලා ඉන්නෙ?
Baek- ආ...ඒ අනිත් එක්කෙනා.ඔයාගෙ සෙතේමයි එයාටත්.ආ...අන්න මගේ චැනී ආවා...ගිහින් එන්නම් කායි පනේ.උඹටත් සරාගෙ හීය වැදේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
එහෙම කියපු බෙකී හිනා වෙලාම පන්තියෙ දොර පැත්තට දිව්වෙ චැන්යොල් ඈතින් එනවා දැකලයි.ඒත් එක්කම දොර ගාව කැරකි,කැරකි හිටපු යුන්ගි එතනට බෙකී ආවත් එක්කම එයාව නවත්ත ගත්තේ...
Yg- ඕයී...බෙකියා...පොඩ්ඩක් එනවකො.
Baek- ඇයි?
Yg- මේ...පොඩි උදව්වක් කරපන්කො.
Baek- මොකක්ද්ද යුන්ගියා?
Yg- මේ...මේක ජිමින් ආවම එයාට දෙන්න පුලුවන්ද?මං දැන් ප්‍රැක්ටිස් වලට යන්න ඕන.
Baek- ආ...ඕක මොකක්ද්ද මං දෙන්නම්.
Yg- ලොකු උදව්වක් බන්.මං ගියා එහෙනම්.
යුන්ගි මොකක් හරි කඩදාසියක් බෙකීගෙ අතට දීලා එහෙම කියලා එතනින් යන අතර කට කොණින් හිනාවක් දාගෙනම කායිත් මේ දිහා බලන් හිටියෙ තමන්ගෙ කුප්ප ප්ලෑන ක්‍රියාත්මක කරන්නත් හිතාගෙනමයි...
ටිකක් වෙලා යද්දි ජිමින් පන්තියට එනවා දැකපු බෙකී එයා ළඟට යන්න හැදුවත් ඒ වෙලාවෙමයි.ඒත් ඊට කළින් බෙකී ගාවට ආපු කායී...
KAMU SEDANG MEMBACA
GO GO Bebe 💕✔︎
Fiksi PenggemarⓃ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy my works🔴!