🤼 පළමු එක්වීම..🤼

2K 221 318
                                    

උදෑසනම පොඩි මන් නැගිටිනවා..
කොහේද ඉදගෙන මුට්ටි වදිනවා..
උදේ පාන්දර පාසල් යන්නට..
උම්මියෑ ඇවිදින් කතා කරනවා..

ජිංගල් බේස්
ජිංගල් බේස්
උම්මියෑ ඔන් ද වේ..
නැගිටපාන් නැගිටපාන්..
නැත්තම් කන්නට වේ...

🐰 ආයීශ්... ම්ම්ම්හුක්....

උදේම කන ලගින් ඇහෙන යීබෝගේ රෙකෝඩින් හඩින් ජාන් එක ඇහැක් විතරක් ඇරලා බැලුවේ අනිත් ඇහැත් ඇරියොත් ඇස් අමාරුව හැදෙනවා කියලා බයට වගේ...

මාස කීපයකට කලින් තමන්ගේ දුර කතා කරන යන්ත්‍රයේ එලාම් එක වගේම රිගින් ටෝන් එකත් යීබෝ වෙනස් කරේ එයාගෙ හඩම ජාන්ට ඇහෙන්න දෙන්න ඕන නිසා...

🔫 ජාන් නැගිටිනවා...

🐰 ආයීශ් නිදාගන්න නැති හැටි...

ඉස්සර වගේ ජාන්ට දැන් මුට්ටි පාර එතරම් නොවදින අතර ඒකට හේතුව තව නොබෝ දිනකින් විවාහ වෙන්න ඉන්න නිසා කොල්ලගේ මොලේ හෙල්ලුනොත් කියලා ජැනිගේ හිතේ තිබ්බ බයයි...

උදේ 7.30 වෙලත් අද ජාන්ට නැගිටින්න කම්මැලි වෙලා... අර කවුදෝ කියලා තියෙනවනේ තම දුර්වල කම තම හොදම මිතුරා කරගන්න කියලා.. ඕන් ඕක නිසාම කොල්ලා තම දුර්වල කම වෙච්ච කම්මැලි කම තම මිතුරා කරන් සැපේ ඇදට වෙලා හිටියා..

🦁 වස්තුවෑ...

🐰 ඌප්ස්....

හැමදාම උදේට ජාන්වත් කුදලන් කොලේජ් යන එක දැන් යීබෝගේ පුරුද්ද... ජෝඩූ දාලා බයික් එකේ ගිහින් හැමදාම උදේට යැංසී එන වෙලාවටම දෙන්න  යැංසී ඉස්සරහට යන්නේ අත් අල්ලා දුරක් ගෙවලා... යැංසී හින්දා පෙමින් වෙලුනා කියාගෙන... යැංසිට ඇහෙන්නම එහෙම කියද්දි බලන්න ලස්සනයි යැංසිගෙ මූණත් තාඩුව... හරියට නිකන් මලකඩ කාපූ පරන තහඩුවක් වගේ...

අදත් ඉතින් මේ ආවේ කොල්ලව කූද්දන් යන්න තමයි.. කොහෙද මේකා ඉතින් පස්සත් උඩ දාන් නිදිනේ...

🦁 නැගිටාන් මිනිහෝ...අද යන්නැද්ද..

🐰 හරි හරි බම් නැගිට්ටා...හූම්...

🦁 කෝ...

🐰මොකක්ද බොල...

🦁  නෑ මේ නැගිට්ටා කිව්වේ...

❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀                             ✓Where stories live. Discover now