දවස් හතරක් ගෙවිලා ගියේ ඔරලෝසුවට නිකන් එක්ස්ප්‍රස් කෝච්චියක් වැහිලා වගේ...
හැබැයි ඉතින් කිසිම ෆිට් එකක් නෑ කොල්ලෝ දෙන්නට නම්.. වෙඩින් එකට සතියක් තියෙද්දි යැංසී ගෙදර නැවතුන නිසා කොල්ලො දෙන්නා මේ ඉන්නේ ගෑනී මැරුණ මිනිස්සු දෙන්නා වගේ...
🐰 මේක කෲර ලෝකයක් උම්මියෑ
🦁 යැංසී හිටියනම් බොකු බඩවැල් ගැලවෙනකල් හිනා වෙන්න තිබ්බා...
දෙන්නම නිකන් හොර ලෙඩ අරන් ඩෙක්ස් එකට ඔලුව තියන් ඉන්න හිච්චි කාලේ නංගිලා දෙන්නෙක් වගේ කියවන්නේ.. රෝසි කෙම්ල ආවත් කිසි ගැම්මක් නෑ... ඒ අස්සේ දවස් දෙකකින් ලෙකා ආවෙත් නෑ...
🐰 යකෝ මගුල කියලා ඔහොම අපිව අමතක කරලා හරියනවද...
🦁 ඕයී ඕයී මේ....
තාන් ටීන් තිලක නදින් කියලා මොලේට ආව ටිංකිරි අදහසක් නිසා යීබෝ ජාන්ට තමන්ගේ ෆෝන් එක අරන් කරක කරක පෙන්නද්දි...
🐰 දැන් ටෝ ඕක කරකවන්නේ පොඩි කාලේ පෙරහැරේ ගිනිබෝල කරකවලා පුරුද්දටද කියාම්...
🦁නෑ බූරුවෝ
🐰 ඒනම් හරකෝ...
🦁 අහපන්කෝ... අපි යැංසිට වීඩියෝ කෝල් එකක් ගමු... අපි ලගින් ගියත් ඕකී ආයීයා ගාන ලයින් එකක්නේ තියෙන්නේ .
🐰 අඩෝ අඩෝ නියමයි බන්.. ආයීයා අහන්නැතුව මගේ කන් අගුල් වැටිලා තිබ්බේ... බලන් ගියාම තව්සෙට මොලයක් කියලා දේකුත් තියෙනවා නෙහ්...
🦁 අනේ ඔව්... මෙන්න මෙහේ වර....
රෝසී කෙම්ල හෝ ගාලා ප්‍රජනනය පාඩම කරද්දි යීජාන් ජෝඩුව ආයීයා වෙනුවෙන් සැදී පැහැදී කෝල් එකක් ගත්තා...
🦁 කට් කරානේ බන්...
🐰 ගනිම් ගනිම්... දිගටම ගනිම්...
යීබෝගේ බලාපොරොත්තු වතුරේ ගහන් යන සපත්තුවක් මෙන් ගසාගෙන යද්දි ජාන් පටන් ගත්තා එයාගෙ එකෙන් ගන්න... අන්තිමට යැංසී ආන්සර් කරා...
🧚 මොකද ඕයීම්....
🦁 හලූ සූටී මනාලී....
🐰 බක් කෑවද...
YOU ARE READING
❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀ ✓
FanfictionCHALLENGE SEASON 2 ෆනී ආදරයේ සොදුරු එක් වීම... EVERYDAY TOGETHER...