අවුරුදු දෙකකට පසු....
පින්න පිපෙන උදෑසනේ
නැගිටින්නකෝ මෙයා....
අම්මී ඇවිත් මුට්ටියකින්
ගහයි බොට මෙයා...ටන නනන් ටන නනන් ටනනනනා...
කොස්ස අරන් යීයූ ඇවිත්
දොර කඩනවා අනේ...
ජෙනී ඇවිත් මුට්ටියකින්
ගැහුවා මට පණේ....ටන නනන් ටන නනන් ටනනනනා...
//////
පස් හය වතාවක් එකම සින්දුව ප්ලේ කරලා ෆෝන් එකටත් මල පැනලා මට බෑ බන් කියලා උඩ පැනලා බිම වැටෙද්දි ෆෝන් එක වැටෙන සද්දෙට යීබෝ උඩ ගිහින් නැගිටිද්දි ජාන් ඉන්නවා යීබෝගේ ඇගේ නැගන්...
🦁 වස්තුවෑ නැගිටාන්කෝ.. මුත්රා බොක්ක ලෙෆ්ට් මගේ...
🐰 ආම්ම්.... නිදාගන්න දිහිම්කෝ...අද වැඩට යන්නෑනේ...
🦁 යකඩෝ අද ජින් ලින්ග් ගෙ ගෙදර යන්න ඕනා ඕයී...
🐰 අස්පට සිරිගේ බාප්පොච්චිගේ දුව බැන්ද පුතාගේ නැන්දම්ම්ගේ සුමනක්කා කිව්වලූ.. පරක්කුයි බන්... කෝ බන් එලාම් මගුල...වැදුනෙත් නෑනේ...
🦁 අනේ මන්දා බන්.. ඌ බිම වැටිලා..
බිමට පැන්න ෆෝන් එක ආයෙමත් අරන් යීබෝ උඩින් තියද්දි මට බෑ මන් තරහයි කියලා ෆෝන් එක ගස්සලා දාලා බිමට පැන්න පාර ඩිස්ප්ලේ එක ලෙෆ්ට්...
🐰 මුගේ ලොකු කම වැඩී බන්.. වෙන ෆෝන් එකක් ගන්න ඕනා...
කමක් නෑ දුකක් නෑ කියලා ෆෝන් එක අඩද්දි කොල්ලො දෙන්නා වොශ් රූම් එකට රිංගලා හොදට නා ගත්තා...
අද මේ කොල්ලො දෙන්නා වගේම සන්ග් ශුවාන් , යාඕ චෙන් , ගුස්තියා මධු🤓 ඔක්කොමලා යන්නේ ජින් ලින්ග් ගෙ ගෙදර... කොල්ලා ලංකාවේ ඉදලා ඇවිල්ලා තියෙන්නේ දවස් දෙකකට කලින්...ඉතින් සැට් එක දත් සැට් එකත් මැදගෙන යන්න ලෑස්තිය...
අවුරුදු දෙකක් ගෙවිලා යද්දි කුවන් යැන්ලි , චෙන් යාඕ හතර දෙනාගෙම වෙඩින් එකම දවසක කෙරුනේ මීට මාස 6කට කලින්... සන්ග් ශුවාන් නම් දැන් බැදලා අවුරුදු එකහා මාරක් වෙනවා.. ලෙකා දැන් පැන්ශන්.. යැංසී ලෙකා එක්ක වෙනම ගේක පදිංචියට ගියාට පස්සේ යීබෝට හා ජාන්ට එයාලා හම්බුනේම නෑ... කොල්ලෝ දෙන්නා නම් යැංසීව නිතරම මතක් කරනවා..
YOU ARE READING
❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀ ✓
FanfictionCHALLENGE SEASON 2 ෆනී ආදරයේ සොදුරු එක් වීම... EVERYDAY TOGETHER...