🤼 දහ හතර වන එක්වීම 🤼

443 113 35
                                    

බෝනස්

කොලේජ් එකට ආව මුල් දවස් වල එක්තරා සිදුවීමක් උනා තැනක.. යීබෝ හා ජාන් යැංසී නිසා බහින් බස් උන මේපල් ගහක් තිබුනා... ඒ කාලේ යීබෝ ජාන් දුටු තැන කා ගත්තේ යැංසීව බෙදාගන්න බැරිව උනත් අද මේ ගහ යට හෙවනේ යීබෝ ජාන්ව පිටිපස්සෙන් තුරුල් කරන් ගහේ කොටයක් උඩට වෙලා ඉන්නවා...

ගුස්තියා නිසා කට්ට කරවල වෙලා පිට්ටනියේ උන්න කොල්ලො දෙන්නා දැන් මේ ගහ යටට ඇවිත් පැය කාලයක් වගේ ඇති...

🦁 වස්තුවෑ....

🐰 ම්ම්න්....

🦁 නිදිද බන්...

🐰 නෑ බන්...

🦁 අපි තව මාස ගානකින් කොලේජ් එකෙන් අවුට් වෙනවනේ..

🐰 ම්ම්... මට දුකයි බන්.. මොනවා උනත් අපි කොච්චර සතුටු උනාද මේක ඇතුලෙදි.. මට ඔයාව මුලින්ම හම්බුනේ මෙතන.. අපි අවුරුදු 2ක්ම කරේ රණ්ඩු වෙන එක... ඇත්තටම ඒ කාලෙත් ශෝක් නේද...

🦁 ඒක නම් ඇත්ත වස්තුවෑ.. හැබැයි ඉතින් අපි ආදරේ කරන්න පටන් ගත්ත ගමන් කාලෙට තමයි මන් ආස වැඩියෙන්ම.. යැංසී පස්සෙන් ගිය අපි දෙන්නා අන්තිමට පිස්සො වගේ ලව් ත් කරලා අන්තිමට ඒකිව නාකී ලෙකාටත් සෙට් කරා...

🐰 අම්මො.. බන් ඇයි මගේ ආච්චි...අම්මෝ එයා තමයි හොදටම කරේ... අදටත් උබයි ගෙදර අයයි ඇරෙන්න කවුරුත් ඒක බොරුවක් කියලා දන්නෙ නෑනේ..

🦁 මට තාම මතක් වෙනවා... ආච්චි විදියට තාන තනා තදේ කිය කිය ලෙකාවයි යැංසිවයි කසාද බැන්දුව විදිය.. මෝඩ හරකා.. උබ නම් පිස්සෙක් බන්..

🐰 මන් හරි ආදරෙයී බන් මේ කොලේජ් එකට.. අපිට මතකයන් නැති තැනක් නෑ මේක අස්සේ...

🦁 ම්ම්... මාස ගානකින් දාලා යනවා කියලා හිතෙද්දිත් මට දුකයි බන්...

යීබෝ ජාන්ව පිටිපස්සෙ ඉදන්ම තද කරන ගමන් මේ කියවන්නේ... අද කවදාවත් නැතුව දෙන්නම ඉන්නේ ටිකක් සංවේදී වෙලා.. හැමදාම හැමතැනදිම විහිලුවෙන් උන්නත් අද දෙන්නම සංවේදී වෙලා...

🐰 ඒත් අපිට හැමදේම දාලා යන්න වෙනවනේ නේද...

🦁 මාවත් දාලා යනවද බන්...

❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀                             ✓Onde histórias criam vida. Descubra agora