🤼 එකොළොස් වන එක්වීම 🤼

534 117 162
                                    

වෙඩින් එකෙන් පසු එක් නිවසක් තුළ සිදුවන සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න...

.....................................................

🎷 අහ්... ම්.ම්... මගේ ඔලුව අම්මෝ... ඔලුවට හෙන ගහලා වගේනේ යකූ... ආශ්... ඇගම රිදෙනවා යකෝ මේ කොහෙද මේ.. දෙයියනේ...

යාඕගේ නිදිමත ළග පාත උන්න කබරයෙක් උස්සන් දුවද්දී යාඕ දඩි බිඩි ගාලා නැගිටින්න ගිහින් ආයේමත් ඩබග් ගාලා වැදුනේ බාත් ටබ් එකේ කොනක තිබ්බ ටැප් එක උඩට හරියටම පස්ස පතිත වෙද්දි

🎷 බුද්දාම්මෝ මගේ අනාගතේ...අහ්...

වැදුන පාරට යාඕ කෑ ගැහුවා නෙවෙයි කෑ ගැස්සුනා.. එක අතකින් පස්සයි.. අනිත් අතින් ඉස්සරහයි තද කර ගත්ත පොර හෙන අමාරුවෙන් නැගිට්ටා විතරයි එක පාරට ඉස්සරහට ආව රුව නිසා යාඕ බයටම තම යටිකය තද කර ගත්තේ චූ පනී කියලා තිබ්බ බයට...

🎷 ගු.. ගු....ගුස්ති....වයිපර්...එක... ඔයා...මේ...මෙහේ....

🤓 ගූ ගූ නෙවෙයි ඕයී.. වහාම ඔතනින් එනවා එලියට.. මන් තමුන් ඉන්න තැනට ආවේ නෑ. තමුන් තමයි මගේ අඩවියට ගොඩ බැහැලා තියෙන්නේ...

මේ මොන මල යස්ස කතාවක්ද මේ පයිතියන් ගෑනී කියවන්නේ කියලා හිත හිත උන්න යාඕගේ ඔලුවට තඩි ටොක්කක් ඇන්න කබරයා මතක් කරේ යාඕ ඊයේ නැටුව විගඩම...

🎷 ආශ්.. අයීයෝ කෝ ගුස්තියා...

🤓 මන් යනවා පහළට... ඔය මහත්තයා වොශ් දාලා අර ඇද උඩ තියෙන ඇදුමත් ඇදන් පහළට එන්නකෝ හොදේ.. ගදේ බෑ.. මට මේ කාලෙට ගද උහුලන්න බෑ.. වමනෙට එනවා..

🎷 අනේ බුදු අක්කේ...හිතලා නම් මුකුත් කරේ නෑ...

🤓 පහළට එන්නකෝ.. අනිත් එක්කෙනා පහල ඉන්නවා...

මහා නසරානි බැල්මක් මධු🤓 යාඕට දෙද්දි යාඕනම් කල්පනා කරේ මේ ගෑනිගේ බඩේ ඉන්න එකා එලියට ආව කාලෙට මේ ලෝකෙම ලෙෆ්ට් වෙයිනෙ කියලයී...

මොනවා උනත් මධු🤓 කියන්නේ යස්ස ගෑනියෙක් කියලා කල්පනා උන යාඕ වොශ් දාලා අර ඇදුමත් ඇදගත්තා.. ඒක ඇලඩින් කලිසමක් වගේම කොට ටීශර්ට් එකක්...

🎷 යකෝ මේක අර මෝඩ ගෑනිගෙ එකක්ද මන්දා.. බාච්චුවක් වගේනේ...

හෙමින් හෙමින් යාඕ අඩිය තියලා ඇවිදිද්දී...

❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀                             ✓Where stories live. Discover now