Chapter 1

5.9K 741 110
                                    

"ජන්ග්කුක් ඔහොම නවතිනවා." Mrs. Jeon ගෙ කෑගැහිල්ලට ජන්ග්කුක් එහෙම්මම නැවතුනා. එයාගෙ අම්මා සැර කෙනෙක් නෙවෙයි. ඒත් එයාට තරහ ගියාම හරි භයානකයි කියලා ජන්ග්කුක් අත්දැකීමෙන් දැනන් හිටියේ.

"ඇයි අම්මා. මට පරක්කු වෙනවා. කියන දෙයක් ඉක්මනට කියන්නකෝ."

"පරක්කු වෙනවා? හහ්! තමුන් කොහෙද මේ රෑ වෙලා යන්න හදන්නේ?"

"උම්.. ජිමිනි හ්‍යුන්ග්ලගෙ ගෙදර."

"ජන්ග්කුක්.. බොරු කියන්න ලෑස්ති වෙන්නෙපා. ඊයෙත් ඔහොම කියලා ගිහින් තිබ්බේ club." ජන්ග්කුක් ඇස් ලොකු කරලා එයාගෙ අම්මා දිහා බැලුවා.

"මං කොහොමද දන්නෙ කියලද බලන්නේ? ඊයෙ මගෙ යාලුවෙක් ඔයාගෙ හපන්කම් දැකලා මට කිව්වා."

"අම්මගෙ යාලුවට වැරදි..."

"ජන්ග්කුක් මගෙන් මුකුත් අහගන්නැතුව හොඳ හිතින් ගිහින් ඔය විකාර ඇඳුම් මාරු කරලා පිළිවෙල ඇඳුමක් ඇඳන් එනවා." ජන්ග්කුක්ගෙ අම්මා ජන්ග්කුක් කියන්න ගිය දේට බාධා කරලා කිව්වා.

"අනේ අම්මා.. මං ජිමින් හ්‍යුන්ග්ට පොරොන්දු උනානෙ එනවා කියලා."

"ඒවා මං දන්නෙ නෑ. ඔයාගෙ තාත්තා කලින් එනවා කිව්වා අද. එයාට ඔයා එක්ක කතා කරන්නෝනෙලු වැදගත් දෙයක් ගැන."

"ආයිශ්..." ජන්ග්කුක් ආපහු එයාගෙ කාමරේට ගියේ හිතින් බනින ගමන්. තාත්තාට එයා කොච්චර බයයිද කියනවනම් Mr. Jeon ඔහොම ඉන්න කිව්වොත් ජන්ග්කුක් එතන නවතිනවා. එයාගෙ අම්මා තරහ ගිහින් බැන්නත් ජන්ග්කුක් ඒ ගැන එච්චර හිතන්නෙ නෑ. හැබැයි තාත්තා රවලා බලන එක බැල්මකටත් ජන්ග්කුක් පණ බයයි. ඒත් Mrs. Jeon වගේ Mr. Jeon ජන්ග්කුක්ට නිතරම බනින්නෙ නෑ.

ජන්ග්කුක් ඇඳුම් මාරු කරලා ජිමින්ට text කරලා එන්න වෙන්නෙ නෑ කියලා කිව්වා. එයා පහලට යද්දි Mr.jeon ඇවිත් තිබ්බා. ජන්ග්කුක් අත් දිග sweater එක තව ටිකක් පාතට ඇදලා එයාගෙ ටැටූ වලින් සැරසිලා තිබ්බ අත වහගත්තා. ජන්ග්කුක්ගෙ තාත්තා ජන්ග්කුක්ගෙ bad boy styles වලට එච්චර කැමති උනේ නෑ.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now