Chapter 25

3.8K 582 74
                                    

"Wow! ඒක නම් මරු." ටේහ්‍යුන්ග් කිව්වෙ video එක record වෙන එක නවත්තලා save කරන ගමන්. එදා ටේහ්‍යුන්ග්නුත් ආවා ජන්ග්කුක්ගෙ යාලුවො බලන්න. ඊටපස්සෙ සුගා, ජිමින්, හොබී සහ ජන්ග්කුක් එයාලා practice කරපු සින්දුවක් කිව්වා. සුගා ගිටාර් එක ගහද්දි ජන්ග්කුක් drums play කරා. ඒ අතරෙ ජිමිනුයි හොබියි ඩාන්ස් එකකුත් දැම්මා. ඇත්තටම ඒ හතර දෙනාම මාර talented කියලා ටේහ්‍යුන්ග්ටත් එයාලගෙ performance දැක්කම හිතුනා.

"මං කලින් ජන්ග්කුක් කියපු සින්දුවක් සානාට කියලා tiktok දැම්මා.. එයා ඊයෙ මට ඒ video එක පෙන්නුවා.. මටත් හිතාගන්න බැරිවුණා ඒකෙ views ගාන දැක්කම.."

"යාහ් කාගෙන් අහලද ඒක ටික්ටොක් දැම්මෙ බූරුවො?" ටේහ්‍යුන්ග්ගෙ ඔලුවට ජන්ග්කුක්ගෙන් තද පාරක් වැදුණා.

"ඌහ්! කාගෙන්වත් අහන්නෙ මොකටද?? My car my patrol.. ඔයා මගෙනේ."

"Ehem.. අපිත් මෙතන ඉන්නවා." ජිමින් කපල් එකට බාධා කරා.

"අනේ කොටෝ උඹ කටවහන් ඉඳහම්. වෙනදට සුගා හ්‍යුන්ග්ගෙයි ඔහේගෙයි විකාර මට බලන් ඉන්න උනේ.."

"හරි.. හරි.. මොකද්ද මං දැන් කිය කිය හිටියෙ.. අහ්.. අපි youtube channel එකක් හදලා ඔයාලගෙ performances video කරලා දාමුද? මට විශ්වාසයි ඉක්මනින්ම කට්ටිය ඔයාලා ගැන දැනගනී.. මිනිස්සුන්ගෙ ආදරේ ලැබුණොත් ඔයාලට ඒ ඇතිනෙ."

"ටේහ්‍යුන්ග් කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ.." ටිකක් වෙලා කල්පනා කරපු සුගා හඬ අවදිකරා.

"මාත් හිතුවෙ ඒකමයි.. අපිට ඕනෙ අපේ හැකියාව මිනිස්සු අතරට යවන්නනෙ.. ඉතින් අපි ට්‍රයි එකක් දීලා බලමු. කොහොමත් අපි street performance කරන නිසා සමහර අය අපිව දැනටමත් අඳුරනවනෙ. ඒ නිසා අපි ඊළඟ street performance එක video කරලා youtube දාමු.. " හොබිත් ඒකට එකඟ වුණා.

"හරි මාත් කැමතියි.." ජිමින් කිව්වා.

"මගෙන් ඕන උදව්වක් ඉල්ලන්න.. මං ඕනෙ වෙලාවක ඔයාලා වෙනුවෙන් ඉන්නවා." ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක්ගෙ මූණේ ලා හිනාවක් ඇඳුනා. ටේහ්‍යුන්ග් එයා ගැන හිතනවා කියන්න මීට වඩා සාක්ෂි මොකටද? එයා ආස දේ කරන්න ටේහ්‍යුන්ග් හැමදාම ඉඩ දුන්නා.

"දැන් අපි නමට මොකද්ද දාන්නෙ? මොකක් හරි ලස්සන නමක් එපැයි." ඒ ප්‍රශ්නෙ හොබීගෙන්.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now