ඩබල් අප්ඩේට්... රෑ උනා ටිකක් 😔
ටේටේ 😭 ඉක්මනට හොඳ වෙන්න මැණික😔💜️ i love you bae❤️
______________________________________
"හෝව් හෝව්.. කෑ නොගහ අහගන්න. මං වැඩිය මුකුත් කරේ නෑ... උඹේ share holdersලා ටික වැඩි ගානක් දීලා මගෙ පැත්තට නම්මවගත්තා. උඹේ drug business එක ගැන පොලිසියට ඔත්තු දුන්නා. අහ් තව එදා යූනාගෙයි උඹෙයි photos වගයක් paparazzi අතට දුන්නා. ඒවා දැනටමත් internet එකේ share වෙනවා ඇති." ටේහ්‍යුන්ග් සන්සුන් හඬින් කියද්දි වූබින්ට හුස්මත් හිරවුනා. යූනාටත් එහෙමයි. මේක දෙන්නගෙම තත්ත්වයට හොඳ නෑ.
"අනේ ටේහ්‍යුන්ග්... please එහෙම කරන්නෙපා.. මං.. මං කොහොමද ආයෙ modeling කරන්නේ?" යූනාගෙ ඇස්වලින් කඳුලු කඩන් වැටුණත් ටේහ්‍යුන්ග්ගෙ හිත උණු කරන්න ඒ කඳුලු වලට පුළුවන් උනේ නෑ. වූබින්ට නම් තමුන් මහපාරට ඇදන් වැටුණත් ටේහ්‍යුන්ග් ඉස්සරහ second වෙන්න ඕනෙ උනේ නැති නිසා එයා නිහඬවම කෝපය දරාගෙන සිටියා.
"අන්න ඒක කියන්නයි උඹලා දෙන්නව මෙහෙට ගෙනාවෙ. අනික වූබින් මං නඩුවලට සම්බන්ධ වෙන්න යන්නෙ නෑ. ඒ නිසා බොහෝදුරට උඹට සල්ලි පෙන්නලා ගැලවෙන්න පුළුවන් වෙයි. හැබැයි මේක හොඳට මතක තියාගනින්. උඹ ආයෙමත් අපේ ජීවිත වලට ආවොත්, මගෙ අතේ ලේ ගාගන්න උනත් මං දෙපාරක් හිතන එකක් නෑ." ටේහ්‍යුන්ග් එහෙම කියලා එතනින් යන්න ගියෙ ඒ දෙන්නා දිහා හැරිලවත් බලන්නැතුව. කළු ඇඳගත්තු දෙන්නෙක් ඇවිත් වූබින්ගෙයි යූනාගෙයි නහයට chloroform වලින් පොඟවපු ටිශූ එකක් අල්ලද්දි දෙන්නම ආයෙමත් දිග නින්දකට වැටුණා. ඊටපස්සෙ ටේහ්‍යුන්ග්ගෙ ගෝලයො ටික ඒ දෙන්නවා වූබින්ගෙ ගෙදරට ගිහිල්ලා දැම්මා. ඒ දෙන්නට සිහිය එද්දි මුලු අන්තර්ජාලය පුරාම එයාලා දෙන්නගෙ සම්බන්ධෙ ගැන news පලවෙලා තියෙනවා කියලා දැක්කට පස්සෙ වූබින් පලවෙනි වතාවට ටේහ්‍යුන්ග් කියන්නෙ කවුද කියලා හොඳටම තේරුම් ගත්තා. හැබැයි ඒ වෙනකොට ඒ දෙන්නගෙම ජීවිත අවුල් ජාලයක් වෙලා ඉවරයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ටේහ්‍යුන්ග් පුළුවන් ඉක්මනින් ආපහු ආවා. එයා එනකොටත් අජුම්මයි අජුස්සියි දෙන්නා ඇවිත් තිබුණේ නැහැ. ඒ හින්දා ටේහ්‍යුන්ග් ඉක්මනට එයාගෙ කාමරේට දිව්වෙ ජන්ග්කුක්ව බලන්න. ටේහ්‍යුන්ග් දොර ඇරගෙන එද්දිම එයා දැක්කෙ බිම ගුලිවෙලා නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව.
YOU ARE READING
Mr. Kim's Badboy [Taekook] ✔️
FanfictionCEO කෙනෙක් උනු ටේහ්යුන්ග්ට Bad boy type එකේ ජන්ග්කුක් වගේ කෙනෙක්ව හම්බුණාම මොනවගේ වෙයිද?? Started : 2022-02-04 Finished : 2022-03-01 ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life c...