Chapter 18

3.7K 646 97
                                    


"මොකෝ මේ?" ජන්ග්කුක් ඇහුවෙ ටේහ්‍යුන්ග් දිහා බලන ගමන්.

"ඔන්න ජන්ග්කුක් බේබි, ටේහ්‍යුන්ග් සර් තමයි අද ඉව්වෙ." අජුම්මා කිව්වෙ ටේහ්‍යුන්ග් දිහා බලල හිනාවෙන ගමන්.

"අපොයි, එහෙනම් අද කාලා ඉවරයි." ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් තොල් නොපිට පෙරලුවා දුකෙන් වගේ.

"හරි එහෙනම්.. ඔය දරුවො දෙන්නා ඔයාලගෙ romantic dinner එක ගන්නකෝ. අපි යමු." අජුස්සි කිව්වෙ අජුම්මගෙ අතින් අල්ලගන්න ගමන්.

"ඔය දෙන්නත් ඉන්න." ටේහ්‍යුන්ග් කිව්වත් ඒ දෙන්නා ජන්ග්කුක්ටයි ටේහ්‍යුන්ග්ටයි තනිවෙන්න දීලා එළියට ගියා.

"ඉඳගන්න." ටේහ්‍යුන්ග් කිව්වෙ ජන්ග්කුක්ට පුටුවක් ඇදලා දීලා.

"ඇයි දැන් මේ?" ජන්ග්කුක් එතනින් ඉඳගෙන කෑම බෙදාගන්න ගමන් ඇහුවා.

"මං කියපු දේට සමාවෙන්න. මං ඒක හිතලා කිව්වෙ නෑ. ඒත් මං කොහොමහරි ඔයාගෙ හිත රිද්දුවනෙ. ඒ නිසා මට සමාව දෙන්න." ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක් එයාගෙ අහිංසක ඇස් දිහා බලන් හිටියෙ. ඒ ලොකු ඇස් වල ඒ වෙලාවෙ තිබ්බෙ හරිම අහිංසක, ආයාචනාත්මක බැල්මක්.

"කෑම රහ උනොත් ඔයාට මං සමාව දෙන්නම්." ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග්ගෙ මූන ඇදවුණා.

"මට ඔයා තරම් රසට උයන්න බෑ ඉතින්. මේකත් ඉව්වෙ අජුම්මාගෙන් අහගෙන." ටේහ්‍යුන්ග් හරිම හුරතල් කියලා ජන්ග්කුක්ට හිතුනෙ ඒ වෙලාවෙ.

"හරි හරි.. අපි කාලා ඉවරවෙලා බලමුකො." ජන්ග්කුක් එහෙම කියලා පලවෙනි කට කටට ගත්තා. ටේහ්‍යුන්ග් ඇස් දෙකත් ලොකු කරන් ජන්ග්කුක් දිහා බලන් හිටියෙ එයාගෙ මූනෙන් අදහසක් ගන්න වගේ. ඇත්තම කිව්වොත් ටේහ්‍යුන්ග් වගේ කෙනෙක් එයා වෙනුවෙන් ඉව්වා කිව්ව එකම ඇති ජන්ග්කුක්ට එයාට සමාව දෙන්න. ඒත් ජන්ග්කුක් බොරුවට ගනන් ඉස්සුවා.

"ම්ම්ම් නරකම නෑ ඒක. අනිත්වත් බලමු." කොහොමින් කොහොමහරි ජන්ග්කුක්ගෙ ඒ රස බැලිල්ල ඉවර උනේ එයාගෙ බණ්ඩිය හොඳටම පිරුණට පස්සෙ.

"දැන් මට සමාව දෙනවද? ආයෙ යාලුයි නේද?" ටේහ්‍යුන්ග් අහද්දි ආයෙමත් කට කැඩිච්චි කතාවක් කියන්න හිතුනත් ජන්ග්කුක් එහෙම කරේ නෑ.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now