ටේහ්යුන්ග් උදේ ඉඳන් එයාගෙ ෆෝන් එක දිහා බලනවා, ජන්ග්කුක්ව කතාවට අල්ලගන්න හදනවා ඉවරයක් නෑ. හැබැයි වෙලාව ටික ටික ගෙවිලා යද්දි කොල්ලගෙ මූණ හොඳටම මැලවිලා ගියා. ජන්ග්කුක් ටේහ්යුන්ග් කතා කරන්න හදද්දි මඟ ඇරලා ගියාට ටේහ්යුන්ග් ගැන හොඳ අවදානෙන් හිටියෙ. අසරණ කොල්ලගෙ බෙරි වෙලා තියෙන මූණ දකිද්දිත් ජන්ග්කුක්ට හිනායනවා.
"වැඩක් නෑ.. මං කට්ටියව ලොකු කරගෙන හිටියට ඒ එක්කෙනෙක්ටවත් අද දවස මතක නෑ." ටේහ්යුන්ග් එයාටම කියාගත්තෙ දුකින්.
"සර්.. ටේහ්යුන්ග් සර්..." කල්පනා කර කර හිටපු ටේහ්යුන්ග් ගැස්සිලා ගියෙ සානාගෙ කටහඬට. එයා අද kim corporation එකට ගියෙ ඒකෙ වැඩ ටික ගැන පොඩ්ඩක් බලලා එන්න. එයාට ඒ දේවල් ගැන ලොකුවට වදවෙන්න ඕනෙ උනේ නෑ. මොකද නම්ජුන් ජින් එක්ක ඒ හැමදේම ගානට බලාගන්නවා.
"ඇයි සානා?"
"සර්.. ජන්ග්කුක් සර් කෝල් කරා. සර් ෆෝන් එක ආන්ස්වර් කරේ නැති හින්දා ජන්ග්කුක් සර් බයවෙලා." සානා කියද්දි ටේහ්යුන්ග් ෆෝන් එක දිහා බැලුවා.
"දෙයියනේ missed calls 10ක්.. මගෙ ෆෝන් එක සයිලන්ට් මෝඩ් තිබිලා සානා. ජන්ග්කුකී මොනාද කිව්වෙ?"
"ජන්ග්කුක් සර් හදිස්සියක් කියලා සර්ට ඉක්මනට ගෙදර එන්න කිව්වා."
"හදිස්සියක්?" ඒක අහපු ගමන් මීට ටික වෙලාවකට කලින් ජන්ග්කුක්ටත් බැන බැන නේද හිටියෙ කියල මිනිහට අමතක වුණ. එයා ඉක්මනට නැගිට්ටෙ පුළුවන් ඉක්මනට ගෙදර යන්න.
යන අතරමගදි ටේහ්යුන්ග් ජන්ග්කුක්ට කෝල් කරත් ජන්ග්කුක් ෆෝන් එක ආන්ස්වර් කරේ නෑ.
ටේහ්යුන්ග් ඔෆිස් එකෙන් ගියාට පස්සෙ සානා ජන්ග්කුක්ට කෝල් කරලා ටේහ්යුන්ග් ඔෆිස් එකෙන් පිටත් වුණා කියලා කිව්වා. ඊටපස්සෙ සානාත් ඉක්මනට නම්ජුන්ගෙ ඔෆිස් රූම් එකට දිව්වා. එයා යද්දි නම්ජුනුයි ජිනුයි දෙන්නත් ලෑස්ති වෙලා හිටියෙ.
"ටේහ්යුන්ග් ගියාද සානා?"
"ඔව් නම්ජුන් සර්.."
"එහෙනම් අපිත් යමු නේද ජුනී..?" ජින් කියද්දි නම්ජුන් ඔලුව වැනුවා.
YOU ARE READING
Mr. Kim's Badboy [Taekook] ✔️
FanfictionCEO කෙනෙක් උනු ටේහ්යුන්ග්ට Bad boy type එකේ ජන්ග්කුක් වගේ කෙනෙක්ව හම්බුණාම මොනවගේ වෙයිද?? Started : 2022-02-04 Finished : 2022-03-01 ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life c...