ඇත්තටම කිව්වොත් ටේහ්‍යුන්ග්ගෙ බයවෙච්ච මූණ දැක්කම හයියෙන් හිනායන්න ආවත් ජන්ග්කුක් මෙච්චර වෙලා කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව හිටියා. ඒත් මේ වෙලාවෙ නම් ජන්ග්කුක්ගෙ හිනාව පුපුරලා ගියා.
"හහ් හහ් හා... හම්මෝ හ්‍යුන්ග්... ඔයාගෙ මූණ.." ජන්ග්කුක් සෝෆා එක උඩ පෙරලි පෙරලි හිනාවෙද්දි ටේහ්‍යුන්ග් හිමීට හැංගිලා හිටපු තැනින් නැගිට්ටා.
"ඔ..ඔයා බොරුවක්ද කරේ මෙච්චර වෙලා?" ටේහ්‍යුන්ග් ඇහුවෙ ඇස් වල කඳුලුත් පුරවන් හිනාවෙන ජන්ග්කුක්ගෙන්.
"නැතුව... ඔයා හිතුවද මං මිනීමරුවෙක් කියලා??"
"නෑ ඉතින් කියන්න බෑනෙ."
"හහ් හා... හම්මෝහ් හ්‍යුන්ග්. සෑහෙන කාලෙකට මේක ඇති මට මතක් කර කර හිනාවෙන්න."
"කොහෙන් ඔය විකාර අදහස් ඔයාගෙ ඔය ඔලු ගෙඩියට එනවද කියලා මට හිතාගන්න බෑ ජන්ග්කුක්."
"මං මේ ටිකේ thriller film ගොඩක් බැලුවා. ඒකෙන් තමයි මේ අදහස ගත්තෙ."
"මොනා උනත් හොඳට රඟපාන්න නම් පුළුවන්. මං හොඳටම බයවුණා ඔය මූණ දැක්කම." ටේහ්‍යුන්ග් තොල් නොපිට පෙරලන් නෝක්කඩු කියද්දි ජන්ග්කුක් ආයෙමත් හිනාවෙන්න ගත්තා.
"මේකනම් ජිමින්ශිට කියන්නම ඕනෙ." ජන්ග්කුක් හිනාවෙවීම එතනින් නැගිට්ටෙ එහෙම කියන ගමන්.
ටේහ්‍යුන්ග් මුකුත් නොකියා පුරුදු විදිහටම ජන්ග්කුක්ව බැඳලා එයා කරගත්තු මෝඩකම ගැන නිහඬවම පසුතැවුණා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
."ජන්ග්කුක්."
"කියන්න හ්‍යුන්ග්."
"හවස මං එද්දි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්න."
YOU ARE READING
Mr. Kim's Badboy [Taekook] ✔️
FanfictionCEO කෙනෙක් උනු ටේහ්යුන්ග්ට Bad boy type එකේ ජන්ග්කුක් වගේ කෙනෙක්ව හම්බුණාම මොනවගේ වෙයිද?? Started : 2022-02-04 Finished : 2022-03-01 ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life c...