"කෝ මේ ටේහ්‍යුන්ග්ගෙ ඔෆිස් රූම් එක? අද මගෙ හ්‍යුන්ගී surprise වෙන්නයි යන්නේ?"
ටේහ්‍යුන්ග් දන්නෙ නෑ අද ජන්ග්කුක් intern එනවා කියලා. කලින් දැනුම් දීලා ආවෙ නැති නිසා එයා receptionist ගෙන් බේරිලා උඩට ආවෙ අමාරුවෙන්. හැබැයි ජන්ග්කුක් Mr. Jeonගෙ එකම පුතා කියලා දැනගත්තම receptionistගෙ මූණ සුදුමැලි වෙලා ගියා. ඒ ගැන හිත හිතා හිනාවෙවී ජන්ග්කුක් උඩට ආවා. හරිනම් ටේහ්‍යුන්ග්ගෙ ඔෆිස් එක ඉස්සරහ එයාගෙ private secretary ඉන්නෝනෙ. ඒත් එතන ටේබල් එකේ කවුරුත් හිටියෙ නෑ.
"ඇති යන්තම්.. නැත්නම් මට තව එකියෙක්ගෙ ප්‍රශ්න පත්තරේකට මූණ දෙන්න වෙනවා." එහෙම හිතපු ජන්ග්කුක් හැදුවෙ උඩ පැනගෙන ටේහ්‍යුන්ග්ගෙ රූම් එකට යන්න. ඒත් ඔෆිස් රූම් එක ඇතුලින් ඇහුනු කෙඳිරිලි සද්දෙ ජන්ග්කුක්ව නැවැත්තුවා.
"ආහ්.. හිමීට.. "
"අනේ සර්.. රිදෙනවා.."
"ආහ් එතන.. ආව් ගොඩක් ගැඹුරට එපා.."ජන්ග්කුක්ගෙ හිනාව අතුරුදන් වෙලා ගියේ ඇසිපිය ගහන ක්ෂණයකින්. එයාගෙ ඇස් වල කඳුලු පිරුණා.. ඒ කඳුලු හෝ ගාලා වැටෙන්න ගත්තෙ ජන්ග්කුක්ටත් නොදැනිමයි.
"එයාව පුදුම කරන්න ආවට අන්තිමේදි පුදුම උනේ මංමයි.." ජන්ග්කුක් එයාටම කියාගත්තෙ ආත්මානුකම්පාවෙන්. එයා ආපහු හැරිලා ආවා. ඒත් අඩි දෙක තුනක් ගියපු ජන්ග්කුක් ආයෙමත් ආපහු හැරුණා.
"නෑ ජන්ග්කුක්.. ඔයා ඔහොම සද්ද නැතුව ආපහු යන එක හරි නෑ. ගිහින් ඒ කෙල්ලට ගහලා අර බොරුකාරයටත් ගහලා තමයි එන්නෝනෙ." එහෙම හිතලා ජන්ග්කුක් වටපිට බැලුවා. එයාගෙ දර්ශන පථයට අහු උනේ private secretaryගෙ මේසෙ උඩ තිබ්බ මල් වාස් එක. ජන්ග්කුක් ඒකත් අරන් දොර ඇරියෙ කෑ ගහගෙන.
"WHAT THE HELL ARE YOU Doing?" අන්තිම වෙද්දි ජන්ග්කුක්ගෙ සද්දෙ අඩු උනා. මොකද එයා බලාපොරොත්තු උනා වගේ එයාගෙ හබී කෙල්ලෙක් එක්ක නිරුවතින් වෙන දෙයක් කරන ගමන් නෙවෙයි හිටියෙ.
"ජන්ග්කුක්??" ටේහ්‍යුන්ග්ගෙ ඇසුත් පුදුමෙන් ලොකු වෙලා තිබ්බෙ. එකක් ජන්ග්කුක් හදිසියේම ඔෆිස් ආපු එකට.. අනික ඇයි ජන්ග්කුක් මල් වාස් එකක් උස්සගෙන එයාට ගහන්න වගේ ඉන්නෙ කියනෙක.
YOU ARE READING
Mr. Kim's Badboy [Taekook] ✔️
FanfictionCEO කෙනෙක් උනු ටේහ්යුන්ග්ට Bad boy type එකේ ජන්ග්කුක් වගේ කෙනෙක්ව හම්බුණාම මොනවගේ වෙයිද?? Started : 2022-02-04 Finished : 2022-03-01 ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life c...