Chapter 3

3.8K 686 62
                                    

"අපේ ජන්ග්කුක් ටිකක් දඟයි. නැතුව නරක ළමයෙක් නෙවෙයි." Mrs. Jeon කිව්වෙ සමාව ඉල්ලන පෙනුමකින්.

"අයියෝ ඒක අපිට තේරෙනවා. ජන්ග්කුක් පෙනුමින් විතරක් නෙවෙයි වැඩ වලිනුත් හරිම හුරතල්නෙ." Mrs. Kim ජන්ග්කුක්ගෙ අතක් අල්ලගෙන එහෙම කිව්වෙ ආදරයෙන්.

"මෙයාට පිස්සුද මන්දා. ඒ වගේ වැඩ හුරතල් කියලා හිතන්නෙ මොන මෝඩයද?" හිතින් එහෙම හිතන ගමන් ජන්ග්කුක් එයාගෙ බනී හිනාව දැම්මා.

මේරියි ගෙදර වැඩට හිටිය අනිත් ගෑනු කෙනයි ඒ වෙලේ චොක්ලට් කේක් බන්දේසියකුයි බීම විදුරු ටිකකුයි අරන් ආවා. ටේහ්‍යුන්ග්ට කෝල් එකක් ආවා නිසා ටේහ්‍යුන්ග් කෝල් එක ගන්න එලියට ගියා.

"ජන්ග්කුක්, පුතේ මේ බීම එක ටේහ්‍යුන්ග්ට ගිහින් දීලා එන්න හොඳ ළමයා වගේ." Mrs. Jeon ආදරෙන් එහෙම කිව්වම ජන්ග්කුක් මුකුත් නොකියා බීම විදුරුව අතට අරන් එලියට ගියා. Mrs. Jeonට පුදුමත් හිතුනා ජන්ග්කුක් පලවෙනි පාරින් එයා කියපු දෙයක් කරාම. ‍ඒත් එයාට ඕනෙ උනේ ජන්ග්කුක් ටේහ්‍යුන්ග් දෙන්නව තනි කරවන්න නිසා ඒ ගැන වැඩිය හිතන්න ගියෙ නෑ.

එයාලා ඊටපස්සෙ ටේහ්‍යුන්ග්ගෙයි ජන්ග්කුක්ගෙයි engagement එක ගැන කතා කරා. ඔය අතරෙදි කාගෙදෝ මන්දා ඔක්කාරෙට එන සද්දෙත් එක්ක හයියෙන් කහින සද්දයක් ඇහුන නිසා හැමෝම එළියට දුවන් ආවා. ටේහ්‍යුන්ග්ගෙ ඇස් වල කඳුලු පිරිලා තිබ්බා කැහැලම. ජන්ග්කුක් පැත්තකට වෙලා හිනාව නවත්තගන්න දැඩි උත්සාහයක යෙදෙන ගමන් හිටියෙ. අනිත් අය ටේහ්‍යුන්ග් ගැන බලද්දි Mrs. Jeon ගෙ ඇස් ගියෙ ජන්ග්කුක් දිහාවට. එයාගෙ පෙනුමින්ම Mrs. Jeon ට තේරුනා ජන්ග්කුක් මොකක් හරි දඟ වැඩක් කරලා තියෙයි කියලා. එයාගෙ ඇස් ඊළඟට ගියේ බිම වැටිලා තිබ්බ දියරය දිහාට... ඊළඟට උගුරක් දෙකක් අඩු උන බීම වීදුරුවට. සැකේට වගේ Mrs. Jeon ඒ වීදුරුව අරන් පොඩ්ඩක් තොල ගාලා බැලුවා. එයාගෙ මූණ ඇඹුල් උනේ කටට දැනුන කටුක ලුණු රසට. ජන්ග්කුක් Mrs. Jeonගෙ ඇස් මගාරින්න හැදුවත් එයාගෙ අම්මගෙ ඇස් වල තිබ්බ තරහ ජන්ග්කුක්ට හොඳට දැනුණා.

හැමෝම ටේහ්‍යුන්ග්ගෙන් ඇහුවත් මොකද උනේ කියලා ජන්ග්කුක්ගෙ බය වෙලා තිබ්බ බෝල ඇස් දිහා බලන් එයා කිව්වෙ බීම එක හිර උනා කියලා විතරයි. ජන්ග්කුක්ගෙ බය එවෙලෙ නැතිවෙලා ගියත් එයා දන්නවා කිම් පවුල ගියාම ජන්ග්කුක් අද ඉඳලා ඉවරයි කියලා.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now