Chapter 31

3.4K 543 135
                                    

ජන්ග්කුක් සහ ටේහ්‍යුන්ග් දෙන්නා ඒ සති දෙකේම උපරිම නිදහස වින්ඳා. අත්‍යාවශ්‍ය කටයුත්තකට ඇරෙන්න ටේහ්‍යුන්ග් ඔෆිස් ගියෙත් නෑ. ඒ දෙන්නම ප්‍රසිද්ධ හින්දා ඒ දෙන්නට දැන් හිතුමතේට එළියට යන්න බැරි නිසා ඒ දෙන්නා මාස්ක් දාගෙන ඔලුව වැහෙන්න ලොකු හූඩි එකකුත් ඇඳගෙන කළු පාට අව් කණ්නාඩි වලිනුත් සැරසිලා තමයි එළියට බැස්සෙ. හැබැයි ඒ දෙන්නා හිතුවට කවුරුත් එයාලව දැක්කෙ නෑ කියලා, එක පුද්ගලයෙක් මේ සති දෙකේම ඒ දෙන්නව fallow කරා. එක එක තැන්වලදි ගත්තු ජන්ග්කුක්ගෙයි ටේහ්‍යුන්ග්ගෙයි ෆොටෝස් වලින් ඒ මනුස්සයගෙ කැමරාව පිරිලා තිබුණා. සමහර ෆොටෝස් වල ඒ දෙන්නගෙ මූණු හොඳටම පැහැදිලියි.. හැබැයි මේ ගැන කිසිම අදහසක් නොතිබුණු love birdsලා දෙන්නා හිතේ හැටියට ඒ සති දෙකේ සතුටු වුණා.

"හ්‍යුන්ග්.."

"ම්ම්ම්?"

"අනිද්දා මට ආපහු යන්න වෙනවා. ඊටපස්සෙ අපිට කොන්සර්ට් එකකට practice වෙන්න තියෙයි. එහෙම උනොත් ආයෙමත් අපිට ඩෝම් එකේ නවතින්න වෙයි."

"හ්ම්ම් මොනා කරන්නද ඉතින්.. ආයෙමත් ඔයාට නිවාඩු ලැබුණම මාව බලන්න ආවහැකිනේ."

"අඩුගානෙ අපිට date කරන්න අවසර තිබ්බා නම් මට ඔයාව බලන්න එන්න බැරි උනත් ඔයාට මාව බලන්න එන්න හරි තිබ්බා." ජන්ග්කුක් කිව්වෙ ටේහ්‍යුන්ග්ගෙ ඔලුව අතගාන ගමන්. ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ පපුවෙන් ඔලුව තියාගෙන හිටියෙ ජන්ග්කුක්ගෙ පපුව හරිම සනීපයි කියලා. ටේහ්‍යුන්ග්ගෙ පුළුන් කොට්ටෙ..

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now