Chapter 4

3.9K 704 55
                                    

"Engagement එකෙන් පස්සෙ ඔයයි ටේහ්‍යුන්ග්නුයි අලුත් ගෙදරක පදිංචියට යනවා. අපි අද ඔය දෙන්නට ඇදුම්  බලන්න යන ගමන් එහෙට ගිහින් ඔයාගෙ බඩු ටික දාලා එන්න හිතන් ඉන්නෙ. ඒක හින්දා ඔයාට ඕනෙ බඩු ලෑස්ති කරගන්න." පහුවදා උදේම ජන්ග්කුක්ගෙ අම්මා ජන්ග්කුක්ව ඇහැරවන්න ඇවිත් එහෙම කිව්වා.

"මොකක්???" ජන්ග්කුක් ඇඳෙන් පැන්නෙ ඇසුත් ලොකු කරන්.

"අනේ මට නම් බෑ ඔයාලා නැතුව තනියෙන් ඉන්න." ජන්ග්කුක් කන්කෙඳිරි ගෑවා.

"තනියෙන් නෙවේනෙ, ටේහ්‍යුන්ග් ඉන්නවනෙ. දැන් ඔක්කොම තීරණය කරලා ඉවරයි. අනික ඔයාගෙ නරක නොහොබිනා හැසිරීමට ලැබෙන දඬුවම තමයි මේක."  ජන්ග්කුක්ගෙ අම්මා ස්ථිර හඬකින් කිව්වා.

"ඔයාලා මට බලකරොත්... මං.. මං ගෙදරින් පැනලා යනවා." ජන්ග්කුක්ගෙ කතාවට අම්මා හිනාඋනා විතරයි.

"මොකද හිනාවෙන්නේ? මං ඇත්තටම කිව්වෙ." ජන්ග්කුක් තොල් නොපිට පෙරලන ගමන් නෝක්කඩු ස්වරයකින් කිව්වා.

"ඔයා කොහෙ යන්නද මෙහෙන් පැනලා ජන්ග්කුක්? ඔයා එක දවසක් ඉඳී ඕන්නම්. ඊටපස්සෙ කොහොමද ඉන්නෙ? සල්ලි නෑ... ගෙදරක් නෑ..." අම්මා කියද්දි ජන්ග්කුක් මුකුත් නොකියා තරහින් ගස්සන් ගිහින් ඇඳට පැනලා ඔලුවේ ඉඳන් පොරවගත්තා.

"අපි මේ දේවල් කරන්නෙ ඔයාගෙ හොඳටමයි පැටියෝ." Mrs. Jeon ජන්ග්කුක් දිහා බලලා එහෙම හිතන ගමන් දොරවහන් ජන්ග්කුක්ගෙ කාමරෙන් පිටඋනා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

පහුවදා උදේ ජන්ග්කුක් එයාගෙ අම්මයි තාත්තයි එක්ක එයාගෙ අලුත් ගෙදරට ආවා. ටවුන් එකෙන් ටිකක් ඇතුලට වෙන්න නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි අලුත් නිවස දකිද්දි ජන්ග්කුක්ට ආස හිතුනෙ නෑ කිව්වොත් ඒක  බොරුවක්. ඒ ගෙදරට ජන්ග්කුක්ලගෙ ගෙදර ඉඳන් කාර් එකකින් ආවොත් පැය භාගෙක විතර දුරක් තිබ්බා.
එයාලා එද්දි කිම් පවුල ඇවිල්ලා හිටියෙ. හැබැයි ටේහ්‍යුන්ග්  හිටියෙ නෑ.

"පුතාට උදේ meeting එකක් වැටුණා. එයා තව ටිකකින් එයි." Mrs. Kim ජන්ග්කුක්ගෙ අම්මට කිව්වා.

"අපි ටේහ්‍යුන්ග් පුතා එනකම් එහෙනම් ගෙදර බලලා පොඩ්ඩක් අස්පස් කරලා ගමු." ජන්ග්කුක්ගෙ අම්මා කියද්දි හැමෝම ඒකට එකඟ උනා. කිම් සහ ජොන් පවුලේ driversලා දෙන්නත් එයාලට උදව් උන නිසා පැයක් දෙකක් යද්දි ගේ අස් කරගන්න පුළුවන් උනා. ජන්ග්කුක් නම් ගෙනාපු කෑම කකා phone එක එබුවා විතරයි පැත්තකට වෙලා.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now