she said it!!!!!🥳🥳

1.4K 195 16
                                    

බැල්කනි එකට ආපු ජන්කුක් දැක්කෙ සුගා ලීසගෙ අතින් අල්ලගන්නවා.. ඒක දැකලා ජන්කුක්ට ගොඩක් තරහාගියා... තරහින් අත් මිටිගුලි කරගත්තෙ දත් මිටි කාගෙන...

🌸ඔ..ඔප්පා? වේ?

🖤ආ.. ලීසා.. මේ...

🌸ඇයි ඔප්පා.. මොනාහරි කියන්න තියෙනවද?

🖤ආ නෑ නෑ.. ඔයා ඇතුලට එන්න..

සුගාට ලීසට දෙයක් කියන්න ඕන වුනත් මොකක් හරි හේතුවක් වගේම බයකුත් නිසා ඒ දේ සුගාව නැවැත්තුවා..

ලීසා ගේ ඇතුලට යන අතරෙ සුගා ගාර්ඩන් එකෙ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නවා දැක්කෙ ජන්කුක්..

💜️අර මෝඩ කෙල්ලට කිව්වා මම අර යූන්ගි එක්ක කතාවට යන්නෙපා කියලා..මොන එකකටද යූන්ගි ලීසගෙ අතින් ඇල්ලුවෙ...!! ඒක වෙන්න කලින් මේ දෙන්නා ගාර්ඩන් එකේ මොනවද කලේ!? ශිට් මන් ආවෙ අන්තිම මොහොතෙනෙ!!💜️

ජන්කුක් එහෙම හිත හිත යූන්ගිටත් රවාගෙන කා එකට ගිහින් බොරුවට වැඩක් කරනවා වගේ රගපෑවෙ යූන්ගි මොනාද කරන්නෙ බලන්නෝන නිසා..

ටිකකින් යූන්ගිත් ගේ ඇතුලට ගියාම..ජේකේත් හිමින් හිමින් ගේ ඇතුලට ගියා..
.
.
.
.
.

මේ අතරෙ ජෙනී කැෆේ එකෙන් එලියට ඇවිත් ගෙදර යන්න ලෑස්තිවුනා.. හිම වැටෙනවත් එක්කම එන්න එන්නම සීතල වැඩි වෙනකොට ජෙනීව වෙව්ලන්න පටන්ගත්තා...

💚හෙලෝ මැඩම්...

පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා ජෙනී හැරිලා බැලුවා..

🌻 ටේහ්‍යුන්ග් ? මොකෝ මේ සීතලේ..

💚ඉතිම් ඔයත් සීතලේනෙ..

🌻නෑ ඉතිම්..ඔයාට හොද සැපට ඉන්න ගෙයක් තියෙද්දි මෙහෙම සීතලේ ඉන්න ඕන නෑනෙ...

💚ඔයා සීතලේ මෙහෙම ඉන්නකොට මන් කොහොමද සැපට ගෙදරට වෙලා ඉන්නෙ..

🌻ඇයි බැරි?

💚බෑ..

🌻ඇයි ඒ..

ජෙනි එහෙම අහලා ඉස්සරහට ඇවිදගෙන යනකොට ටේහ්‍යුන්ග් ඉස්සරහට ඇවිත් ජෙනීගෙ කම්මුලට කිස් එකක් දුන්නා❤️💋

ජෙනී ඒකෙන් ඩිම් වෙලා ගියා.. ටේහ්‍යුන්ග් ඒ මොකක්ද කලේ කියලා ජෙනීට හිතාගන්න බැරිවුනා...

"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]Where stories live. Discover now