යන්න ගිය ලීසගේ අත ජන්කුක් අල්ල ගද්දී යෙශිදා,ගායුන්ග් වගේම ඇගේ දෙමාපියන් ද ඒ දෙස පුදුමයෙන් බැලුවා.
ඒ පුදුමය රෝස්ගේත්, තේයන්ග් ගේත්, මිස්ට ජියෝන්ගේත් මුහුනේ ඒ විදියටම ඇඳෙද්දී සුගාගේ මුහුනේ මද හිනාවක් රැඳුනා.
ඒ දේ ඒ විදියට වන බව ඔහු කල්තියාදැන සිටියේ ජන්කුක් හමුවෙන්න කම්පැනි එකට ගිය නිසයි.
💜️ ලීසා ටිකක් ඉන්න ඔයා මෙතන ඉන්න ඕනා.
ජන්කුක් එසේ කියා ලීසා දෙසබලා නැවතත් යෙශිදා දෙසත් ගායුන්ග් දෙසත්, ඇගේ දෙමාපියන් දෙසත් බැලුවා.
💜️ මට සමාවෙන්න ගායුන්, ඒ වගේම ආන්ටි අන්කල්.
මෙතන සමාව ගන්න මන් වරදක් කරලා නෑ. ඒත්මන් සමාව ගන්නේ මගේඔම්මා ඔයාලව මෙහෙ ගෙන්නලා රස්තියාදු කරපු නිසා.🧑රස්තියාදු කරපු නිසා?
💜️ඔව් අන්කල්. ඔයාලා මේ ආපු ගමනෙ කිසිම වැඩක් නෑ. මොකද මන් ගායුන් මැරි කරන්න කැමති නෑ.
👵 ජන්කුක් ?
💜️ඔම්මට මන් කලින්ම මේ ගැන කිව්වා ඔම්මා...
අහන්න ආන්ටි අන්කල්. පලවෙනි වතාවේ අපේ මැරේජ් එකේදී පැනලා ගියේ ගායුන්ග්,
අපි ඒකට ඔයාලට මුකුත් කිව්වේ නෑ .ඉතින් මේ වෙලාවේ ඔයාලා අපි එක්කත් අහිතක් නොහිතා හොඳින් තේරුම් ගනියි කියලා මන් හිතනවා. මන් ගායුන්ව මැරි කරන්න කැමති නෑ..මොකද මන් ලීසට කැමති.. I love her very much❤️ජන්කුක් ගේ කටින් ආදරෙයි කියන වචනය පිටවෙද්දී ලීසා ගොඩක් පුදුම උනා.
ඇය නොදත් දෙය නම් ජන්කුක් තමාට ආදරේද නැද්ද යන්නයි. දැන් ලීසා හොඳින්ම දැනගත්තා තමාසේම ජන්කුක් ද තමාට ආදරේ වග. එය අසා අන් සියල්ලන්ද පුදුමයට පත් උනා.
🧑මොකද්ද මිසිස් යෙශිදා මේ කතාව... ඔයා අපිට කිව්වේ මේ මැරේජ් එක බොරුවට උන එකක්,ඒ දෙන්නගේ කිසි සම්බන්දයක් නෑ කියලා. ඒකයි අපි අපේ දුවව ජන්කුක් ට බන්දන්න කැමති උනේ. ඒත්දැන් මේ ජන්කුක් කියනවා එයා මේ කෙල්ලට ආදරෙයි කියලා?
🌸 ජන්කුක් විතරක් නෙමෙයි මිස්‍ටර්, මේ කෙල්ලත් එයාට ගොඩක් ආදරේ කරනවා.
සියල්ලන් ඉදිරියේ ලීස ද සිය ආදරය ජන්කුක් ට ප්‍රකාශ කරා. ජන්කුක්ගේ ජීවිතය සම්පුර්ණ උවාක් මෙන් එවලෙහි ඔහුට දැනුනා.
ගායුන්ග් ගේ පව්ලේ අය කේන්තියෙන් නැගිට පිටවෙන්න සැරසුනා.
🧑මේක අහගන්න යෙශිදා! ආයේ මොන හේතුවක් නිසාවත් බිස්නස් මට්ටමේවත් නෑදෑ සම්බන්ද කමක්වත් අපි අතර ගොඩ නැගෙන්නෙ නෑ.
ගායුන්ග් ගේ පියා එසේ කියා ගායුන්ග් සමඟ නික්මෙද්දී යෙශිදගෙ ප්ලෑන් සියල්ල ව්‍යාර්ත වුවාක් සේ ඇයට දැනුනා. යෙශිදගෙ හිතට නැගුනේ ලොකු තරහක්
👵මොකද්ද හිඟන කෙල්ල, තමුන් ඒ කරේ?
ලීසට ට කම්බුල් පහරක් ගහන්න අත ඔසවන ගමන් යෙශිදා එසේ කියද්දී ඇගේ එසවුන අත ජන්කුක් අල්ලා ගත්තා.
💜️ඔම්මා... ඔයාට අයිතියක් නෑ මගේ වයිෆ්ට ගහන්න. ඔය අත පැත්තකට දාන්න.
ජන්කුක් එසේ කියද්දී යෙශිදා ලීසට වෙනුවට ජන්කුක් හට පහර දුන්නා.
👵ලැජ්ජ නැති කොල්ලා. තමුන් වෙනුවෙන් මන් මොනාද කරේ..මේ හැමෝටම වඩා තමුන්ට මන් ආදරේ කරා, හැමදේම දුන්නා.
💜️ ඔව් ඔම්මා එහෙම කරා. ඒත් එහෙම කරේ ඔයාගේ වාසියට..ඔයාට ඕන බලය දනය ඔක්කොම ඔයා මගේ මාර්ගයෙන් ගත්තා. අප්පව මගෙන් දුරස් කරා. සහෝදරයෝ මගෙන් දුරස් කරා. ඒත් ඒ හැමෝම ජීවිතේ වින්දා. ඒ ඔයාගෙන් දුරස් වෙලා හිටිය නිසා. ඒත් මන්....මන් ඔයාගේ පස්සෙ වැටිලා මුලු ජීවිතේම කාලකන්නි කරගත්තා..ඒක වැරදි කියලා මට තේරුමේ ලීසා මගේ ජීවිතේට ආපු නිසා.
ජන්කුක් එසේ කියා ලීසාගේ අතින් අල්ලන් සිය කාමරයට ගියා. මිස්ට ජියෝනුත් සුගා සමඟ පිටවෙද්දී තේයන්ග් හා රෝස් ද තම තමගේ කාමර වෙත ආවා.
...............................................................................................................................................................................................................
💜️ලීසා.....
කාමරයට ආ ජන්කුක් ලීසගේ කම්මුලට අත තියා ඇගේ නම කියද්දී ලීසා හරිම ආදරෙන් ජන්කුක් ගෙ තොල් අල්ලගත්තා❤️
එදා අඹුසැමියන් ලෙස දෙදෙනා දෙදෙනාගේ ජීවිත එකිනෙකා අතර බෙදා ගත්තා...
හැමදේම හොඳ ලෙස සිදු වෙද්දී යෙශිදට දැනුනේ ඇයට සියල්ල නැතිවෙනවා වැනී හැගීමක්. ඒ නිසාම ඇය ජන්කුක් අතැර සිය බලය වෙනුවෙන් වෙනත් මගක් හොයන්නට උනා
__________________________________
________________________
______________
කතාවෙ අවසානෙට ළං වෙනෝ😄කතාව කියවනවට ගොඩක් තෑන්ක්ස්😙❤️
Saranhae❤️
YOU ARE READING
"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]
Fanfictionදුප්පත් කෙල්ලෙක් එක්ක දෙවය කරන සෙල්ලමක්...💔 සල්ලිවලට යට වුනු දරුනු හිතකට හිමිකම් කියන අහිංසකාවියක්....🍃 දගකාර ආඩම්බරකාරියකට වහල් වුනු සල්ලිකාරයෙක්....🐾️ "ජීවිතේට හරිම කෙනා හරිම වෙලාවෙදි නොහිතන විදිහට හම්බෙයි...🦋🌏" -Special for liskook shippers❤...