Chapter 2

4K 684 54
                                    

"ම්ම්.. මෙතන හොඳයි." ජන්ග්කුක් එහෙම කිව්වත් ඒ girl ජන්ග්කුක්ව ඇදගෙන empty room එක්කට ගිහින් දොර වහගත්තා. ජන්ග්කුක් හරි සිහියට ආවෙ ඒ වෙලේ.

"මොකද්ද ඔයා ඔය කරන්නෙ?" ජන්ග්කුක් බයවෙච්ච ඇස් වලින් ඇහුවෙ ඒ girl එයාගෙ උඩ ඇඳුම ගලවලා ජන්ග්කුක් ළඟට එද්දි.

"අද නම් කිස් කරලා විතරක් යන්න දෙන්නෙ නෑ පැටියෝ. එදත් ඔයා මඟදි පැනලා ගියා." එහෙම කියපු girl ජන්ග්කුක්ගෙ බොත්තම් එකින් එක ගලවලා ජන්ග්කුක්ගෙ ලස්සනට ගානට තිබ්බ abs දිහා බලලා තොලකට ලෙවකෑවා.

"Are you crazy? Please leave me alone." ඒ කෙල්ලගෙ තොල් එයාගෙ පපුවෙ ගෑවෙද්දිම ජන්ග්කුක් එයාව තල්ලු කරලා ඉක්මනට දොර ඇරන් එතනින් එළියට ආවා.

"ජන්ග්කුක්?"

"මොකද උනේ?" එයාගෙ යාලුවො අහද්දි ජන්ග්කුක් "මං ගෙදර යනවා.." කියාගෙන එලියට ආවෙ පපුව වේගෙන් ගැහෙද්දි. එයා හිතුවෙ නෑ ඒ ගෑනු ළමයා එච්චර දෙයක් කරයි කියලා. ජන්ග්කුක් කෙල්ලො එක්ක කොච්චර හිටියත් කිස් එකකින් එහාට කවදාවත් ගියෙ නෑ. ඒ වගේම එයාට හේතුවක් තිබ්බා ඒකට. ජන්ග්කුක්ට ඕනෙ උනේ bad boy image එකක් විතරයි. කොහොමත් ජන්ග්කුක්ව දකිද්දි හැමෝම පිස්සු වැටුනේ ඒ පෙනුමට. ටැටූ වලින් වැහුණ එයාගෙ අතයි ගානට තිබ්බ six pack එක්කයි තනි කලු outfits අඳින ජන්ග්කුක්ගෙ පෙනුම තනිකරම bad boy look එකක් එයාට අරන් දුන්නා. ඒත් මේ හැමදේම ඇතුලේ එයයි එයාගෙ පවුලෙ අයයි විතරක් දන්න රහසක් තිබ්බා. ඒ නිසා ජන්ග්කුක් කොච්චර මානසිකව වැටුණද කියනවනම් ඒ දේවල් වල ප්‍රතිඵලයක් තමයි ජන්ග්කුක්ගෙ මේ වෙනස.

ඒ දේවල් මතක් වෙද්දි ජන්ග්කුක්ගෙ ඇස් වලට කඳුලු පිරුණා.

.
.
.
.
.
.
.
.
.
.
.
.

"Jeon, ඔයා හිතන්නෙ පුතා මේකට කැමති වෙයි කියලද?" Mrs. Jeon එයාගෙ husband ගෙ පැත්තට හැරිලා ඇහුවෙ බර කටහඬකින්. එයාට ජන්ග්කුක්ට බල කරන්න හිත දුන්නෙ නෑ. ජන්ග්කුක් කියන්නෙ හරිම නිදහසේ හැදුණ දරුවෙක්. එයාලා ජන්ග්කුක්ට audition යන්න එපා කිව්වෙත් ජන්ග්කුක් entertainment field එකට ගිහින් දුක් විඳිනවා බලන් ඉන්න බැරි නිසා. මොන තරම් කලාවට ආස කරත් ජන්ග්කුක්ට හිරවෙලා ගෙවන ජීවිතයක් පුරුදු නැහැ කියලා එයාගෙ දෙමව්පියො දැනන් හිටියෙ. කොරියාවෙ idol කෙනෙක් වෙලා ජීවත් වෙන එක හරිම අමාරු දෙයක් කියලා එයාල දැනන් හිටියෙ.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now