Chapter 5

3.9K 677 55
                                    

තවත් දවස් දෙකක් ගතවෙලා ගියේ හරිම ඉක්මනින්. ජන්ග්කුක්ගෙයි ටේහ්‍යුන්ග්ගෙයි දෙමව්පියෝ ඒ දවස් දෙකේම කරේ එහාට මෙහාට දුව දුව engagement එකේ වැඩ  කටයුතු සූදානම් කරපු එක.

ජන්ග්කුක් නම් පුරුදු විදිහට උදේ college ගියා. හවස් වරුව එයාගෙ යාලුවො එක්ක club එකේ  ගතකරා. ටේහ්‍යුන්ග් එයාගෙ office එකේ වැඩ එක්ක බිසී වෙලා හිටියෙ. ඉතින් දවස් දෙකකට පස්සෙ, engagement එක දවසෙ තමයි ඒ දෙන්නා ආයෙත් හම්බවුනේ. එදා එයාලාගෙ ළඟම නෑදැයොයි යාලුවනුයි එක්ක කට්ටිය 100ක් විතර තමයි හිටියෙ.

සුභ මොහොතින් අලුත් යුවල මුදු මාරු කරලා කේක් කපලා එයාලගේ විවාහය ස්ථිර කරා.

ඊටපස්සෙ කට්ටියම party එක enjoy කරන්න පටන් ගත්තා.

"යකෝ tv, පත්තර වල දකිනවටත් වඩා කිම් ටේහ්‍යුන්ග් මාර හැන්ඩ්සම්නේ." ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගෙ කරට අතදාගන්න ගමන්.

"උඹට සුගා හ්‍යුන්ග් ඉන්නවා නේද.. මගේ හබීට බැල්ම දාන්නේ?" ජන්ග්කුක් කිව්වෙ සුගා දිහා බලන ගමන්. ජිමින්ගෙ පැණි කතා වලට හුරුවෙලා හිටපු සුගා ඕවා එච්චර ගනන් ගත්තෙ නෑ.

"ආව් ආව් කොල්ලා බෑ බෑ කිව්වට Mr. kim ට දැනටමත් වහ වැටිලා වගේ. ඒකනේ දැන්ම ඉඳන් මගෙ හබී කියන්නෙ."

"අනේ උඹ මගෙන් මුකුත් අහගන්නැතුව ඉඳහම්."

"කව්ද මුදු තේරුවෙ?? වාව් ඒක මාර ගති." හොබී ඇහුවෙ ජන්ග්කුක්ගෙ අත අල්ලලා බලන ගමන්.

"ඒකනම් ඇත්ත. අපෙ අම්මා පළවෙනි පාරට මට ගැලපෙන දෙයක් තෝරලා තියෙන්නෙ. මාත් හරිම ආසයි මේකට." ජන්ග්කුක් කිව්වෙ හීනි හිනාවක් එක්ක මුද්ද හිමීට  පිරිමදින ගමන්. හැබැයි ජන්ග්කුක් නොදන්නවා උනාට මුදු තේරුවෙ ටේහ්‍යුන්ග්.

ඊට ටික වෙලාවකට පස්සෙ ජන්ග්කුක්ගෙ අම්මා ඇවිත් ජන්ග්කුක්ව එක්කරන් ගියේ එයාලගෙ නෑදැයෝ ළඟට. ජන්ග්කුක් නම් හිතින් බනින ගමන් ගියේ. නෑදැයො එකතු උනාම රටේ නැති කුණු ගොඩවල් අවුස්සන හින්දා ජන්ග්කුක් නම් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ නෑදැයො එක්ක වැඩිය ඉන්න.

"අහ්.. මේ එන්නෙ අපේ පොඩි එකා. පොඩියි කිව්වට දැන් ඉතින් පොඩි නෑ නේද අක්කෙ?" ජන්ග්කුක්ගෙ නැන්දා කෙනෙක් කිව්වෙ ජන්ග්කුක්ගෙ අතින් අල්ලගෙන. ටේහ්‍යුන්ග්නුත් ඒ වෙලේ එතෙන්ට ආවා කට්ටිය එක්ක කතා කරන්න.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now