Chapter 10

3.9K 651 60
                                    

"ජන්ග්කුක්?? ඔයා අද කොලේජ් යන්නෙ නැද්ද?" ටේහ්‍යුන්ග් ඇහුවෙ අජුස්සි එක්ක ගාඩ්න් එකේ මල් පැල හදන ජන්ග්කුක්ගෙන්.

"නෑ.." ජන්ග්කුක් කිව්වෙ ටේහ්‍යුන්ග් දිහා බලන්නෙවත් නැතුව.

"ඒ මොකද?" ඒ පාර ටේහ්‍යුන්ග් ඇහුවෙ සැරෙන්.

"ඌහ්.. මගෙ බඩ රිදෙනවා. අනේ අජුම්මා මේ හ්‍යුන්ග් මට කොලේජ් යන්නලු. මගෙ බඩ රිදෙනවා හොඳටම." ජන්ග්කුක් බඩත් අල්ලන් බෙරිහන් දෙද්දි කුස්සියේ උය උය හිටපු අජුම්මත් දුවගෙන ආවා.

"ජන්ග්කුක් බොරු කරන්නෙපා. මෙච්චර වෙලා හොඳට හිටියා නේද? ඔයාවත් කියන්නකො අජුස්සි.."

"අනේ අජුම්මා මගෙ බඩ රිදෙනවා." ජන්ග්කුක් එතනම බිම පෙරලුනා අඬන ගමන්.

"මේ දරුවට හොඳටම අමාරුයි වගේ ටේහ්‍යුන්ග් පුතේ." අජුම්මා දුකින් කිව්වෙ ජන්ග්කුක්ව එයාගෙ තුරුලට ගන්න ගමන්. ටේහ්‍යුන්ග් ඇසුත් ලොකු කරන් ඒ දෙන්නා දිහා බලද්දි ජන්ග්කුක් එයාට විතරක් පේන්න හිනාවෙලා ඇහැක් ගහලා ආයෙත් බොරුවට අඬන්න ගත්තා.

"ඔන්නොහෙ අපි කුකීට අද ඉන්න දෙමු ටේහ්‍යුන්ග් පුතේ." අජුස්සිත් කියද්දි ටේහ්‍යුන්ග්ට ඒකට පිටින් යන්න බැරි උනා.

"කෝ එන්න.. බඩ රිදෙනවා නම් කාමරේට වෙලා ඉන්නෝනෙ දවසම. No TV, No video games.. නිදාගෙන ඉන්නෝනෙ හරිද?" ටේහ්‍යුන්ග් නීති ගොඩක් දානගමන් ජන්ග්කුක් ළඟට ගිහින් එයාව කරට ගත්තා.

"ඌහ්.. මගෙ කොන්දත් කැඩුනද කොහෙද? පුදුම බරක්නේ තියෙන්නෙ." ජන්ග්කුක්ව ඇඳෙන් තියපු ටේහ්‍යුන්ග් කිව්වෙ අත් වල හිරි අරින ගමන්.

"දැන් ඔයා කියන්නේ මං කනවා වැඩියි කියලද.. මං බතලයි කියලද?"

"නෑ නෑ.. ඔයා කොහෙද මහත.. ඔයා ගානට ශේප් එකට ඉන්නවනෙ. කනවා නම් ඉතින් ටිකක් වැඩියි තමයි.. ඒ උනාට ඔය වයසට හොඳට කාලා බීලා ඉන්නෙපැයි." ටේහ්‍යුන්ග් ඉක්මනින්ම කිව්වෙ ජන්ග්කුක් ආයෙත් කෑගහන්න පටන් ගන්න කලින්.

"ඇත්තටම?? මං ගානට ඉන්නවද? මං සෙක්සි ද? ඔයා කැමතිද මගෙ abs වලට." ඒ ගමන ජන්ග්කුක් ඇහුවෙ හරි උනන්දුවෙන්.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now