Chapter 12

3.8K 663 75
                                    

ඒ වචන ඇහුනම ආපු තරහත් එක්ක ටේහ්‍යුන්ග්ට පුදුම ශක්තියක් ආවෙ. ටේහ්‍යුන්ග්ගෙ එක පහරකින් එතන හිටපු දේහධාරි ආරක්ෂකයා ඇදන් වැටෙන්න තරම් ඒ ශක්තිය විශාල උනා. ටේහ්‍යුන්ග් යුන්ජි අතට යතුර දීලා දොර අරින්න කිව්වා. යුන්ජි ඉක්මනින් දොර අරිනකම් ටේහ්‍යුන්ග් බිම වැටිලා හිටපු අසරණයට පයින් ගැහුවෙ හිතේ කේන්තිය නිසා.

දොර ඇරිය ගමන් ටේහ්‍යුන්ග් දැක්කෙ උඩුකය නිරුවත්ව ඇස් වල කඳුලු පුරවන් වූබින්ට යටවෙලා ඉන්න ජන්ග්කුක්ව. තාමත් වෙන කෙනෙක් කාමරේට ආවා කියලා නොතේරෙන තරමට ජන්ග්කුක් හොඳ සිහියෙන් නෙවෙයි හිටියෙ. වූබින් හිටියෙ හොඳටම රාගයෙන් මත්වෙලා.

"අද ඒ හැමදෙයක්ම මගෙ වෙයි." වූබින් කියද්දි ටේහ්‍යුන්ග් අත් මිටි බැඳුනෙ නහර ඉලිප්පිලා පුපුරලා යයි කියලා හිතෙන තරම් තදට.

"Get out of your imagination bitch." ටේහ්‍යුන්ග්ගෙ කෝපාවිශ්ඨ ගැඹුරු කටහඬ පිටවෙද්දි වූබින් ගැස්සිලා ගියා.

"උඹ??"

"ඔව්.. උඹ හිතුවෙ නෑ නේද මං එයි කියලා. මගෙ දේවල් උඹ ගන්න හිතුවෙවත් කොහොමද බල්ලො? මතක තියාගනින් මේ ටේහ්‍යුන්ග් හොඳට හොඳයි වගේම නරකට නරකයි කියලා." ටේහ්‍යුන්ග් නැවතුනේ ජන්ග්කුක්ගෙ ඇඟ උඩ හිටපු වූබින්ට බිම පෙරලගෙන ගහලා.

"තේතේ... මගෙ හබී.. " ජන්ග්කුක් පොඩි එකෙක් වගේ හිනාඋනා ටේහ්‍යුන්ග්ව දැකලා. යුන්ජි ඉක්මනට ගිහින් ජන්ග්කුක්ව නැගිට්ටවලා එයාට තුරුල් කරගත්තා. එයාලා හැමෝගෙම පොඩි එකා උන නිසා යුන්ජි කොහොමත් ජන්ග්කුක්ට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වෙලේ ජන්ග්කුක්ට වෙන්න ගියපු දේ නිසා යුන්ජි ජන්ග්කුක්ව එයාගෙ පපුවට තද කරගත්තෙ දරාගන්න බැරි තරම් දුකක් එක්ක ජන්ග්කුක් දැන් හොඳින් ඉන්න නිසා ලොකු සැනසීමක් හිතට දැනෙද්දි.

"උඹ ආයෙ ජන්ග්කුක් දිහා හැරිලවත් බැලුවොත් මං නරක මිනිහයි කියන්න එපා. උඹව මං අද අතාරින්නෙ ජන්ග්කුක් කිසි කරදරයක් නැතුව ඉන්න නිසා. එයාට මොනාහරි වෙලා තිබ්බ නම් මං උඹව මරලා හිරේ යනවා දැනගනින්." ටේහ්‍යුන්ග් අන්තිම පාරටත් වූබින්ට පයින් එකක් ගහලා ජන්ග්කුක් දිහාට හැරුණා.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now