Chapter 14

3.8K 627 59
                                    

Jungkook's pov

මගෙ exams හින්දා මාසයක් විතර යනකම් මං ක්ලබ් ගියෙ නෑ. ටේහ්‍යුන්ග් හ්‍යුන්ග්නුත් ඔෆිස් එකටම හිරවුනා. මොකද එයාට kim corporation එක වගේම අපේ තාත්තගෙ business වලටත් උදව් වෙන්න වුනා. හැබැයි මං වගේ නෙවෙයි එයාට නම් උදේ ඉඳන් රෑ වෙනකම් ෆයිල් ගොඩකට යටවෙලා ඉන්න එක අප්‍රසන්න උනේ නෑ. සති අන්තෙත් හ්‍යුන්ග් ඔෆිස් ගියපු නිසා අපි දෙන්නට කතා කරන්න වැඩිය හම්බුනෙත් නෑ. ඒත් හ්‍යුන්ග් පුළුවන් හැමවෙලාවකම මං ගැන හොයලා බැලුවා. ඔය විදිහට මගෙ ජීවිතේ සාමකාමී විදිහට ගෙවිලා ගියපු මාසයක් ඒ විදිහට ගතවුණා.

ඒත් කතාවට කියනවනෙ සාමකාමී බව කියන්නෙ ලොකු කුණාටුවක පෙරනිමිති කියලා.

විභාගෙ ඊයෙන් ඉවර උනු හින්දා මං අද දවල් වෙනකම් නිදාගත්තා. ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් වැඩට ගිහින්. අජුම්මයි අජුස්සියි දෙන්නා ගියා medical checkup එක්කට. මං ඉතින් ඊයෙ හවස හතරෙ විතර ඉඳන් අද උදේ දහය විතර වෙනකම් නිදාගත්තා විභාගෙ අමතක කරලම දාන්න ඕනෙ හින්දා. ඉතින් සෑහෙන දවසකට පස්සෙ උදේ මං නැගිට්ටෙ නැවුම් මනසක් එක්ක.

Third person pov

මේ අතරේ ආදරයකට එහා ගිය ආශාවක්, තණ්හාවක් හිතේ පුරවගත්තු දෙන්නෙක් එයාලගෙ පටු අරමුණු වෙනුවෙන් කපටි සැලසුමක් ක්‍රියාත්මක කරමින් හිටියා.

"මං කියපුවා හොඳට මතකයිනෙ."

"මතකයි.. හැබැයි අපි දෙන්නගෙ ගනුදෙනුව තියෙන්නෙ අපේ අරමුණු ඉශ්ඨ වෙනකම් විතරයි කියලා හොඳට මතක තියාගන්න."

"හහ් හා.. මට ඒවා හොඳට මතකයි. අනික මටත් තමුසෙව ඕනෙ අර ලස්සන පොඩි එකාව අල්ලගන්න ඕනෙ නිසා මිසක් වෙනදෙයක් නිසා නෙවෙයි." වූබින් කිව්වෙ තොල කට ලෙවකන ගමන්. ජන්ග්කුක්ගෙ සුදුම සුදු පාට පිරුණු පපුව, රතු තොල්, හීනි ඉඟ, පිරුණු කලවා, ගානට තිබ්බ abs මතක් වෙද්දි වූබින්ට ජන්ග්කුක්ව තදින් අවශ්‍යය වුණා.

"ඕනෙ එකක්.. මං ටේහ්‍යුන්ග්ට කෝල් කරන්න යන්නෙ." යූනා ටේහ්‍යුන්ග්ගෙ නම්බර් එක dial කරන ගමන් කිව්වා.

යූනා සහ වූබින්.. ඔව් ඒ ඒ දෙන්න තමයි. වූබින් ජන්ග්කුක්ට බලහත්කාරකම් කරන්න ගිය දවසෙන් පස්සෙ kim corporation එකත් එක්ක තිබ්බ business deal එකත් ටේහ්‍යුන්ග් cancel කරා. ක්ලබ් එකේ cctv records ටේහ්‍යුන්ග් ළඟ තිබ්බ නිසා ටේහ්‍යුන්ග් කරන දේකට එකඟ වෙනවා ඇරෙන්න වෙන විසඳුමක් වූබින්ට තිබ්බෙ නෑ.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now