Chapter 15

3.6K 642 85
                                    

ටේහ්‍යුන්ග් ඉක්මනින්ම ගෙදර එන්න ලෑස්ති උනේ ජන්ග්කුක් ගෙදර තනියෙන් ඉන්න හින්දා. යූනා එයාට කැමතියි කියලා දැනන් හිටපු නිසා එයා ගෙදර ගිහින් මොන නාඩගමක් නටයිද කියලා ටේහ්‍යුන්ග් බයවුණා.

ඒ නිසා ටේහ්‍යුන්ග් පුළුවන් ඉක්මනට එයාගෙ ගෙදරට ආවා. එයා එද්දිම කෑගහන සද්දයක් ඇහුන නිසා ටේහ්‍යුන්ග් ඉක්මනට දොර ඇරන් ඇතුලට දිව්වා. දොර වහලා තිබ්බත් ලොක් කරලා තිබ්බෙ නෑ. ඒ යද්දි ටේහ්‍යුන්ග් දැක්ක දෙයින් එයා එතනම නතර උනා.

ජන්ග්කුක් එයාගෙ අත් වලින් යූනාගෙ අත් තද කරලා අල්ලන් හිටියෙ. දෙන්නම සෝෆා එක උඩ හිටියෙ. ටේහ්‍යුන්ග්ට පෙනුන විදිහ අනුව ජන්ග්කුක් යූනාව සෝෆා එකට තල්ලු කරන්න හදනවා වගෙයි එයාට තේරුණේ. ඒත් ජන්ග්කුක් කාටවත් බලහත්කාරකමක් කරයි කියලා විශ්වාස කරන්න ටේහ්‍යුන්ග් මැලි උනා. ඔව්, ජන්ග්කුක් කියන්නෙ ක්ලබ් එකේ කෙල්ලො එක්ක enjoy කරපු කෙනෙක් කියලා අනිත් අය වගේම ටේහ්‍යුන්ග්නුත් දැනන් හිටියා. ඒත් කෙනෙක්ට බලහත්කාරකම් කරන්න තරම් ජන්ග්කුක් නරක කෙනෙක් නෙවෙයි කියලා එයා හොඳටම දැනන් හිටියා.

"ටේහ්‍යුන්ග් ඔප්පා..." එකපාරටම ජන්ග්කුක්ව තල්ලු කරපු යූනා අඬාගෙන දුවන් ඇවිත් ටේහ්‍යුන්ග්ට තුරුල් උනා. බිම වැටුනු ජන්ග්කුක් බෝල ඇස් ලොකු කරන් ඒ දෙන්න දිහා බලන් හිටියෙ හරියට බයවුනු හා පැටියෙක් වගේ.

"මොකද්ද මෙතන වුණේ?" ටේහ්‍යුන්ග් යූනාව එයාගෙ ඇඟෙන් අයින් කරන ගමන් ඇහුවෙ සන්සුන් විදිහට.

"මේ ගෑනී..." ජන්ග්කුක් කියන්න හැදුවත් යූනා ඉස්සර උනා.

"ජන්ග්කුක් මාව rape කරන්න හැදුවා ටේහ්‍යුන්ග්... මං ඔයා එනකම් හිටියෙ. ජන්ග්කුක් එකපාරටම මාව පෙරලගෙන මාව කිස් කරන්න ගත්තා. මේ බලන්න බොරු නම්..." යූනා එයාගෙ බෙල්ලෙ තිබ්බ රතු පැල්ලම් පෙන්නුවා. බැලූ බැල්මට ඒවා හිකීස් කියලා හොඳටම පේන්න තිබ්බා.

"හ්‍යුන්ග්.. ඕකි කියන්නෙ බොරු.. " ජන්ග්කුක් නැගිටලා ඇවිත් යූනාව තල්ලු කරා. දරාගන්න බැරි කෝපයෙන් ජන්ග්කුක්ව වෙව්ලන්න අරන් තිබ්බෙ.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now