Chapter 17

3.7K 642 33
                                    

"මට නම් එහෙම හිතෙන්නෙ නෑ ජන්ග්කුක්. ටේහ්‍යුන්ග් එහෙම කිව්වෙ ඔයාගෙ හිත රිද්දන්න කියලා මං හිතන්නෙ නෑ." ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගෙ කටවටේ ගෑවිලා තියෙන ice cream පිහදාන ගමන්.

ජන්ග්කුක් කෙලින්ම ආවෙ ජිමින්ව හොයන්. කාගෙ ප්‍රශ්නෙකදි උනත් සුරදූතයෙක් වගේ ළඟින්ම ඉඳන් හිත හදන්න ජිමින් හරිම දක්ශයි. ජිමින් ජන්ග්කුක්ව මුලින්ම දැකපු දවසෙ ඉඳන් අදටත් ජන්ග්කුක්ට හරිම ආදරෙයි. එක කුසින් ඉපදුනේ නැතත් ජිමින් ජන්ග්කුක් දෙන්නා අතරෙ තිබ්බ කඩන්න බැරි තරම් ශක්තිමත් බැඳීමක්. ඉතින් ජන්ග්කුක්ව සනසවන්න ජිමින් හොඳට දැනන් හිටියා. ජන්ග්කුක් ආවට පස්සෙ සුගාටත් කියලා ජන්ග්කුක්ව එක්කන් ජිමින් ආවෙ පාක් එකට. ඒ ඇවිත් ice cream දෙකක්ම ජන්ග්කුක් අතට දීලා එයා icecream කාලා ඉවර වෙනකම් ජිමින් නිහඬව බලන් හිටියා. හිතුවා වගේම අඬන්න ඔන්න මෙන්න හිටපු කොල්ලගෙ මූන හිතාගන්න බැරි තරම් ඉක්මනින් වෙනස් උනා. ඊටපස්සෙ තමයි ජිමින් උන දේ ඇහුවෙ. ඉතින් ජන්ග්කුක් ඊයෙ උනු සිද්ධිය මුල ඉඳන් අගටම කිව්වා.

"ඒත් මට එහෙම හිතෙන්නෙ නෑ. එයත් අනිත් අය වගේමයි ජිමිනි හ්‍යුන්ග්."

"අම්මෝ මෙන්න ලෝක පුදුමයක්.. අපේ ජන්ග්කුකී මට හ්‍යුන්ග් කිව්වා?" ජිමින් හැදුවෙ ජන්ග්කුක්ව හිනස්සවන්න. ඒත් ඒ මූණේ හිනාවක් ගෑවිලාවත් තිබ්බෙ නෑ.

"හරි.. මට කියන්නකො මොකද්ද ඔය එයත් අනිත් අය වගේමයි කියන කතාවෙ තේරුම? අනික ඇයි ඔයා ගේ නම් ක්ලබ් එකේ කෙල්ලො එක්ක විතරක් හිටියෙ. ඕනතරම් gay boys ලත් ඒ ක්ලබ් එකේ හිටියනේ." ජිමින් ඇහුවෙ කාලෙක ඉඳන් එයාට තිබුණු ප්‍රශ්නයක්.

"ඒක දිග කතාවක් හ්‍යුන්ග්." ජන්ග්කුක් දිග හුස්මක් හෙලුවා.

"ඔයා වෙනුවෙන් මට ඒ දිග කතාව අහන් ඉන්න පුළුවන්. හිත හදන්න බැරි උනත් මට ඔයාට ඇහුම්කන් දෙන්න හරි පුළුවන් කුක්. ඔයා කැමතිනම් ඔයාගෙ හිතේ හිර කරන් ඉන්න ඒ දේ මට කියලා හිත නිදහස් කරගන්න." ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගෙ ටැටූ වලින් හැඩවෙලා තිබ්බ අත එයාගෙ පුංචි අත් අතරට අරන්. අන්තිමේදි ජන්ග්කුක් තීරණය කලා එයාගෙ අම්මයි තාත්තයි විතරක් දන්න ඒ රහස ජිමින්ට කියලා හිත නිදහස් කරගන්න.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now