Chapter 24

3.9K 592 100
                                    


ජන්ග්කුක් පහුවදා උදේ අවදිවුණ ගමන්ම එයාට දරාගන්න බැරි වේදනාවක් දැනුනා. ඒ මොහොතෙ තමයි එයාලගෙ ආදරණීය ප්‍රථම රාත්‍රිය එයාට මතක් වුණේ. කම්මුල් රෝස පාට වෙද්දි එයා බැලුවෙ එයාට එහා පැත්තෙන් නිදන් හිටපු ටේහ්‍යුන්ග්ව බලාපොරොත්තුවෙන් උනත් එයා දැක්කෙ එහා පැත්තෙ තිබුණු හිස් ඉඩ විතරයි.

"යාහ්.. මේ මනුස්සයා මාව මෙහෙම දාලා අදත් වැඩට ගිහින්ද?" ජන්ග්කුක්ගෙ හිතට ටේහ්‍යුන්ග් ගැන නොමනාපයක් දැනෙන්න එච්චර වෙලා ගියෙ නෑ.

"අහ් ඔයා නැගිට්ටද බබා?" ජන්ග්කුක් ගැස්සිලා ගියෙ එයාට එහාපැත්තෙන් ආපු කටහඬට. ටේහ්‍යුන්ග් නාලා... කොණ්ඩෙන් වතුර බේරෙනවා. මී පැණි පාට ඇඟ වතුර බිංදු වලින් වැහිලා තියෙද්දි හරිම සරාගියි.
ඒ ඔක්කොටම වඩා සුදුපාට තුවායෙන් වැහිලා තියෙන කොටස සරාගියි කියලා ජන්ග්කුක් දැන් දන්නවා.

"Ehem.. මොකෝ.. ඊයෙ රෑ මදි වුණාද?" ටේහ්‍යුන්ග් ඇහුවෙ ජන්ග්කුක් ළඟට ළංවෙන ගමන්. "ඕන්නම් දැනුත් කරමු. මං free." ටේහ්‍යුන්ග් ඇහැක් ගහලා කිව්වම ජන්ග්කුක් එයාගෙ බාහුවට ගැහුවා.

"විකාරද? මං මේ නැගිටගන්න බැරුව ඉන්නවා. ඔහේට තව ඕනෙලු. මාව වොශ්රූම් එකට එක්කන් යන්න." ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ට අණකරේ එයාගෙ අත්දෙක උස්සලා ටේහ්‍යුන්ග්ට එයාව වඩාගන්න කියලා අඟවමින්.

"මං දන්නවා මගෙ නපුරු බනීගෙ හැටි." ටේහ්‍යුන්ග් කිව්වෙ ජන්ග්කුක්ව බබෙක් වගේ වඩාගන්න ගමන්. යට ඇඳුමෙන් විතරක් වැහිලා තිබුණු සිරුර ටේහ්‍යුන්ග්ගෙ නිරුවත් පපුවට තදවෙද්දි දෙන්නගෙම ඇඟවල් ආයෙමත් උණුසුම් වෙනවා එයාලට දැනුනා.

"ඒ උනාට කුකී... ඊයෙ රෑ වෙනුවෙන් ස්තූතියි. මං ගතකරපු හොඳම රෑ තමයි ඒ." ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක්ගෙ තොල් වලට හිනාවක් ආවා. ඒත් එයා ටේහ්‍යුන්ග්ගෙ උරහිසට මූණ තියන් හිටපු නිසා ටේහ්‍යුන්ග් ඒ හිනාව දැක්කෙ නෑ.

ජන්ග්කුක්ට වොශ් එකක් දාගන්න උදව් කරලා ටේහ්‍යුන්ග් එයත් එක්කම පාතට යද්දි අජුම්මා කෑම උයලා ඉවරයි. එයාල උදේ කෑම එක අරගත්තට පස්සෙ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට pain killers දෙකකුත් දීලා එයාට නිදාගන්න කිව්වා. ඊටපස්සෙ ටේහ්‍යුන්ග් වැඩට යන්න පිටත් වුණා. Company එකේ ලොක්කා වීමෙ වරප්‍රසාද. නැත්නම් ඒ වෙලාවට සාමාන්‍යය කෙනෙක්ට වැඩට යන්න බෑනෙ.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now