Chapter 30

3.3K 537 102
                                    


කතාව පාත තියෙයි.😋

Sad ending දෙන්නෙ නෑ. පළවෙනි හේතුව මට sad ending ලියන්න තරම් ශක්තිමත් හාටුවක් නෑ 😭
ඊළඟ එක, කලින් chap එකේ ඔයාලා දාපු සමහර comments වගේම english එකෙත් comments වලින් කිව්වෙ එච්චර ආදරෙන් ඉන්න දෙන්නා වෙන් කරන්නෙපා කියන අදහස.
ඒ කියන්නෙ ජන්ග්කුක් දඟ උනාට මුලු කතාව පුරාම දෙන්නා සීරියස් විදිහට රණ්ඩු උනේ නෑ.. අනිත් කෙනා විශ්වාස කරා.. අනිත් කෙනා විදිහට වෙනස් වුණා.. එයාලා දෙන්නා අතරෙ ප්‍රශ්න නෑ.. හොඳ තේරුම් ගැනීමක් තිබ්බා. ඉතින් එහෙම දෙන්නෙක් ඈත් කරන්න මට බෑ වගේම ඒක සාර්ථකත් නෑ. මොකද එච්චර තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක් ඇත්ත ජීවිතේදි උනත් වෙනස් වෙන්නෙ නෑ.

බැරිවෙලා හරි මං කුකීව වෙනස් කරා නම්... ටේහ්‍යුන්ග් සම්පූර්ණයෙන්ම කඩන් වැටේවි, ආයෙ නැගිටින්න බැරි තරමටම. මොකද එයා ආදරේ එපාඋනු කෙනෙක්. ඒ වගේම ටේහ්‍යුන්ග් ජන්ග්කුක් වෙනුවෙන් කරපු කැපකිරීම් වලට කිසිම අගයක් නැතුව යනවා. එතකොට කුකී.., එයා දඟමල්ලක් උනාට කවදාවත් ටේහ්‍යුන්ග්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරේ නෑ. එයා අවංකයි. ඉතින් මං ගොඩනගපු චරිත දෙක එහෙම් පිටින්ම විනාස වෙනවා මගෙ කුකී මැණිකව වෙනස් කරලා sad ending දුන්නොත්.
අන්න ඒකයි කතාව happy ending වෙන්නෙ:-)

_______________________________________________________⚫⚫⚫⚫⚫⚫

After 2 years

3J-S ලා debut වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි. ඒ අවුරුද්ද ඇතුලත එයාලා ගොඩක් දුර ආවා. එයාලගෙ ප්‍රසිද්ධිය එන්න එන්නම වැඩිවුණා. ඒ නිසාම එයාලගෙ පෞද්ගලික නිදහසත් හුඟක් සීමාවුණා. Concerts, practices, photo shoots, interviews අතරේ එයාලගෙ ජීවිත හිරවුණා. ඒත් එයාලගෙ රසිකයන්ගෙ ආදරේ නිසා ඒ හැමදේම අමතක කරලා හිනාවෙන්න එයාලට පුළුවන් වුණා. යුන්ජිටත් එයාලගෙ makeup artist කෙනෙක් විදිහට බැඳෙන්න පුළුවන් උනු නිසා එයාටත් එයාගෙ boyfriend, හොබී ළඟින්ම ඉන්න පුළුවන් උනා. සුගා ජිමින් දෙන්නටත් ඉතින් 365 දවසෙ පැය විසිහතරෙම එකට ඉන්න පුළුවන් උනා. ඉතින් ටේහ්‍යුන්ග්ව දකින්න නැතුව දුක් වින්ඳෙ ජන්ග්කුක් විතරයි. ඩෝම් එකේ රෑට ඉන්න උනු දවස් වලට ජන්ග්කුක්ට නින්ද ගියේ නැති තරම්. ටේහ්‍යුන්ග්ගෙ උණුසුම නැතුව එයාට නින්ද අහලකටවත් ආවෙ නෑ. ඉතින් එයා එහෙම දවස් වලට ටේහ්‍යුන්ග්ගෙ ශර්ට් එකක් ඇඳන් නිදාගන්න පුරුදු උනා. අනිත් පැත්තෙන් ජන්ග්කුක් නැතිව ටේහ්‍යුන්ග්ටත් හුඟක් පාලු දැනුනා. හැමවෙලේම මොකක් හරි පිස්සු වැඩක් කරල ළඟ දැවටුණු කොල්ලා එකපාරටම හොරු අරන් ගියා වගේ ඈත් උනාම ටේහ්‍යුන්ග්ටත් ඒක දරාගන්න අමාරු උනා. ජන්ග්කුක්ගෙ කොට්ටෙ එයාගෙ පපුවට තුරුල් කරන් නිදාගන්න ටේහ්‍යුන්ග් පුරුදු උනේ ඒ නිසා. මුල් කාලෙදි අනික් කෙනාට කරදරයක් වෙයි කියලා රෑට කෝල් කරත් වැඩිවෙලා කතාකරේ නෑ දෙන්නා. ඒත් පහු පහු වෙද්දි දෙන්නටම නින්ද යනකම් කතා කර කර ඉන්න ඒ දෙන්න පුරුදු උනා. එකිනෙකාගෙ උණුසුම ළඟ නැති උනත් අනික් කෙනාගෙ හද ගැස්ම එයාලගෙ හිතේ තිබ්බ තනිකම ටිකක් හරි දුරස් කරලා දැම්මා.

Mr. Kim's Badboy [Taekook] ✔️Where stories live. Discover now