Someone's Pov...
ඉර එලිය වැටිලා කියලා දැනුන ගමන් මම නැගිටින්න ගියත් එකපාර ඇඟ උඩින් දැනුන බර නිසාම බලනකොටයි මටත් මතක් උනේ ඊයේ රෑ වෙච්ච දේවල්...
නිදාගෙන ඉන්න විදිහ දැක්කම නම් හිනත් යනවා.
කොහොමත් දැන් මගේ විතරයිනෙ...😉
මටම මුමුණගත්ත මං මගෙ මැණිකට ඇහැරවන්න හිතුවා.
ගුඩ් මෝනින් මැණික... කෝ දැන් නැගිටින්න..
මම එහෙම කියලා මගෙ මැණික ගෙ හිස්මුදුනට කිස් එකක් දුන්නා.
ම්... ටේ...
කෝ නැගිටින්න නැගිටින්න.. අද හියුන්ග්ලා එනවා කිව්වා.
මම එහෙම කියලා හෙමීට ඇඳෙන් නැගිට්ටා.
ටේ.... මේ....
ඔව් කියන්න මැණික.
ම්... මේකයි.. ටේ මට නැගිටින්න බෑනෙ🙂
හයියෝ මේ කෙල්ල නම්......
මෙන්න මෙහෙ එනවා යන්න.මම එයාව මගෙ අත් අතරට ගත්තා.
මොකද බනින්නෙ. මගෙ යෑ වැරැද්ද. ඔහොම කලොත් නම් දෙකක් නෑ ඔළුවටම තියනවා මහත්තයෝ...
අනේ මේ.. මොනවා නැතත් කටනම් අඩු නෑනෙ.. නැගිටගන්නවත් පණ නෑ..
හරි ඉතිං ඒක වෙනම කතාවක්..😒
මේ දැන් කතාව නවත්තලා කට අරිනවා දත් ටික මදින්න.
ඔයාලා කල්පනා කරනවා ඇති නේ මන් කව්ද කියලා..
මම ටේහියොන්ග්.
කිම් ටේහියොන්ග්..
නැත්තං මාෆියා ලෝකෙ V
Super 7 මාෆියා ටීම් එකේ V
මාෆියා කින්ග්ගෙ එකම මල්ලි
Kim Company එකේ CEO
හැමදේම තියෙන ඒත් අනාතයෙක්..ඒත් දැන් මම අනාතයෙක්ද? කොහෙත්ම නෑ.. දැන් මගෙ මැණික මාත් එක්ක ඉන්නවා.
කාලෙකට කලින් මට හිටපු එකම හතුරා. මගේම අයියා මගේ ඇඟේ බලෙන් එල්ලපු මම වෛර කරපු කෙනා. ඒත් අද මම වැඩිපුරම ආදරේ කරන කෙනා.
මට වගේම ලෝකෙ නොදැක්ක පැත්තකට හිමිකම් කියන කෙනා...
මින් සේහි...