නියපොතුත් හප හප Labor Room එකේ දොර ඉස්සරහින් එහෙටයි මෙහෙටයි ඇවිදලාම ටේට දාඩියකුත් දාලා දැන්.
සේහිව රූම් එකට අරන් පැයක් වෙනවා. ඒත් සේහිගෙ වේදනාබර කෑගැසීම් හැරුනම ටේට වෙන කිසිදෙයක් ඇහුනෙ නෑ.ඕන එකක් කියලා පුටුවෙන් වාඩි වෙන්න යනකොටම ටේ දැක්කෙ ඈතින් දුවන් එන හියුන්ලා දෙන්නවයි නූනලාවයි.
නැම්ජූන් ලඟට ආව ගමන්ම නැම්ජූන්ව බදාගත්ත ටේ මෙච්චරවෙලා හිර කරන් හිටපු කඳුලු තමන්ගෙ සහෝදරයගෙ තුරුලේ දියකලා.
මට වැරදුනා හියුන්... මට හැමදාම හැමදේම වැරදුනා. මං එයාව අවිශ්වාස කලා හියුන්.. දෙන්න ඕන හැම දස වදයක්ම මං ඒ අහිංසකීට දුන්නා. ඒත් එයා හැමදාම ඉවසුවා. මොකුත්ම නොකියා හැමදේම ඉවසුවා. මං නිසා ඔයාලට බොරු කලා. එයා සතුටින් කිව්වා. මමයි මේ හැමදේටම මුල හියුන්. මං අර කොහෙවත් ඉන්න එකෙක් නිසා මගේ ආදරේ අවිශ්වාස කලා හියුන්..
නැම්ජූන් ටේව උනුසුම්ව බදාගත්තා මිසක ටේගෙ කදුලු නැවැත්තුවෙ නෑ. මොකද එයා දන්නවා එයාගෙ තුරුල ඇරෙන්න ටේට කදුලු දිය කරන්න තැනක් නෑ කියලා.
ටේ ලෝකෙට කොච්චර දරදඬු කෙනෙක් උනත් අප්පා නැති උනාට පස්සෙ තමන්ගෙ අප්පා උන එයාගෙම හියුන් ඉස්සරහා හැමදාම දුර්වල අහිංසක පොඩි එකාම උනා.
මිස්ටර් කිම්?
තමන්ගෙ පිටිපස්සෙන් ඇහුන කටහඬ නිසා කදුලු පිහිදගෙන ඒ දිහා බලපු ටේ දැක්කෙ නිල්පාට කොට්න් රෙද්දක් මැද ගුලි වෙලා හිටිය ලස්සන රෝස මලක්වයි.
ඩොක්ටර්?
සුභ පැතුම් මිස්ටර් කිම්. එයා ගොඩක් නිරෝගී වගේම ගොඩක් ශක්තිමත් කොල්ලෙක් වගෙයි.
ඩොක්ටර් කිව්වෙ පුංචි දඟයව ටේගෙ අතින් තියන ගමන්.
ඩොක්ටර් එතකොට සේහි.....?
ආ එයත් හොදින් මිස්ටර් කිම්. ගේද්දිනම් ටිකක් බරපතල තත්වෙක හිටියෙ උනත් මිසිස් කිම් ගොඩක් ශක්තිමත්. ඒ නිසා දැන් ලොකු ප්රශ්නයක් නෑ. ඒත් ටික කාලයක් යනකම් පරිස්සම් කරන්න වේවි මොකද එයාගෙ ඇඟේ ප්රතිශක්තිකරණය ගොඩක් අඩුයි දැන්.