Can I?😉 (Part 7)

50 12 4
                                    

ටේ එතෙන්ට යනකොට දැක්කෙ නැම්ජූන් සේහිව හරහට වඩාගෙන ඉන්නවා විතරයි. නූනා සේහිගෙ මූණට වතුර ඉහිනවා.

මො මොකක්ද උනේ?

දන්නෙ නෑ ටේ කකා හිටියෙ එකපාරම වොශ්රූම් එකට ගිහින් වොමිට් කලා ඊට පස්සෙ එක්කන් එනකොට එකපාරම ෆේන්ට් උනා.
කෑමක් ඇලජික් උනාවත්ද?

ඇත්තම කිව්වොත් දැන් ටේට ඇතතටම බයයි. හේතුවක් නොදැනම ටේ සේහි ගැන බයවෙන්න අරන්. සේහි ගැන වද වෙන්න අරන්. ඒත් ටේගේ හිතුවක්කාර හිත ඒ දේ පිලිගන්න කැමති නෑ.

හියුනුයි නූනයි නැත්තං මම මෙහෙම හොයන එකක් නෑනේ...

ටේ එයාගෙම හිත රවට්ටගත්තෙ ඒ වැරදි එයාගෙ හියුනුයි නූනයි පිට පටවලා.

ටේ ජින්ට කතා කරන්න. ගෙදරට එන්න කියන්න. සේහිගෙ ප්‍රශ්නෙ එයාට කියන්න.

හරි හියුන්.

ටේ ඉක්මනට ජින්ට කෝල් කලා.





ටිකකින් ජින් ඇවිත් සේහිව චෙක් කලත් සේහි තාමත් ඇස් පියාගෙන.

ම්... ජූන් මට ටේ එක්ක ටිකක් තනියම කතා කරන්න පුලුවන්ද?

Sure ජින්. ටේ ඔයා ඉන්න එහෙනම් අපි යන්නම්.

ජිනුත් ටේහියනුත් කාමරේ තනි වෙද්දි අනිත් අය එලියට ගියා.

අන්තිමට ඔය දෙන්නා අතර physical සම්බන්ධයක් ඇති උනේ කවද්ද?

ඈහ්?

ඇහ් නෙමෙ මැට්ටෝ අන්තිමට ඔය දෙන්නා එකතු උනේ කවද්ද?

මන් හිතන්නෙ දැන් සති දෙකක් වගේ ඇති. ඇයි ඒක මොකටද හියුන්?

මොකද සේහි ප්‍රෙග්නන්ට්.

ආ...... ඈහ්? ඒත් ඒ_

ඒත් ඒත් නෙමෙ මැට්ටෝ ඔහේ අප්පා කෙනෙක් වෙන්න යන්නෙ. යනවා ගිහින් සේහිට විස්තරේ කියනවා. මම දැන් යන්න ඕන.

ජින් එහෙම කියලා ටේව කාමරේ ඇතුලේ සේහි එක්ක තනි කරලා ගියා.

ටේට හිතට දැනෙන දේ තේරුම් ගන්න බෑ. මොකද ටේ කියන්නෙ එලියට කොච්චර දරුණු උනත් ඇතුලින් ලස්සන කෙනෙක්. ටේ පොඩි ලමයින්ට පුදුම තරම් ආසයි. අනිත් එක ටේ පොඩි කාලේ ඉදන්ම හීන මැව්වෙ තමන්ගෙම දරුවෙක් දකින්න. ඒත් දැන් ඒ දරුවගෙ ඔම්මා! ඒ දරුවගෙ ඔම්මා තමන් මේ ලෝකෙ වෛර කරන එකම කෙනා වෙලා.

දරුවෙක් නිසා සතුටු වෙන්නද. නැත්තං ඒ දරුවටත් වෛර කරන්නද කියලා හිතා ගන්න බැරි වෙන්නම ටේ හිතින් හිර වෙලා.

මොනවා උනත් ඒ තමන්ගෙ ලේමයි කියලා ටේ දන්නවා.

මොකද ටේ සේහිව එයාලගෙ මැන්ශන් එකේ හිර කරලයි තිබ්බෙ. එලියට යනවනම් ටේ එක්ක විතරයි. ඉතින් ඒ ටේගේ ලේ කියල අකමැත්තෙන් උනත් ටේට පිලිගන්නම උනා.

ම්.. ටේ?

ටිකකින් සේහි ඇහැරිලා ටේට කතා කරද්දි තමයි ටේ එයාගේ කල්පනා ලෝකෙන් එලියට ආවේ.

ටේ... මට මොකද උනේ?

ටේ තවමත් සද්ද නෑ.

ටේ... මට මොකද උනේ? මම මෙතෙන්ට ආවෙ කොහොමද?

ටේගෙන් උත්තරයක් නැතිම තැන සේහි නැගිටලා ඇවිත් ටේගේ උරහිස් වලින් හොල්ලලා කතා කලා.

ටේ මම ඔයාට කතා කරන්නේ.. ටේ මට මොකද උ_

තමුසේ ප්‍රෙග්නන්ට්...! තමුසේ මගේ දරුවෙක් එක්ක ප්‍රෙග්නන්ට්!!!

මොක_ක්ද?

ඔව් ඔව් තමුසේ ප්‍රෙග්නන්ට්.

ට්...ටේ..

මොකද?

සේහි එකපාරම ඇදේ වාඩි වෙලා තමන්ගෙ අත් තාමත් නෙරලා නැති පුංචි බඩ උඩ හරි පරිස්සමට වෙලා ගත්තා. හරියට ඇතුලෙ ඉන්න පුංචි පැටියව මේ නපුරු ලෝකෙන් ආරක්ෂා කරන්න වගේ.

අනේ එයාව නැති කරන්න කියන්න නම් එපා.
ඔයාට ඕන නම් මාව ඩිවෝස් කරන්න. නැත්තං අතෑරලා දාන්න.. ඒත්.. ඒත් තාම මේ ලෝකෙවත් නොදැක්ක මේ පුංචි පැටියව නම් නැති කරන්න කියලා මට කියන්න එපා.

ටේට දැනුනෙ තමන්ගෙ මුලු ලෝකෙම කඩන් වැටුනා වගේ. ටේට කොහොමවත් එහෙම දෙයක් හිතන්නවත් බෑ. තමන්ගෙම ලේ මරලා දාන්න? නෑ ටේගෙ හිත ඒ දේට බයයි. ඒත් ටේ සේහිට කරපු දේවල් එක්ක සේහි මෙහෙම කියන එක සාධාරණයි. මොන අම්මද තමන්ගෙ බඩට ආපු දරුවා නපුරු ලෝකෙක ජීවත් වෙනවට කැමති.

ලෑස්ති වෙනවා. අපි මැන්ශන් එකට යන්න ඕනේ.

හ්ම්...





















ටේ දරුවට හොදින් සලකයිද? නැත්තම්.....?

_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/

එහෙනම් මම යනෝ
කමනෙට් එකක්
වෝට් එකක් දාන් යන්න

පරිස්සමින් ඉන්න
Bye....

Kawee...💕

Can I?😉✅✅Where stories live. Discover now