මාස ගනන් ගෙව්නා
ටේ තාමත් පරන හිටිය කෙනාම තමයි
එතකොට සේහි...
එයා නොවිඳිනා දුක් විදිනවා.. ඒත් ලෝකෙන් හංගනවා. ලේකෙට මේ දෙන්නා ගොඩක් හොඳ සාර්ථක කපල් එකක්... ඒත් ඒක ඇතුලං හැංගිලා තියෙන පරාජිකත්වය දන්නෙ ඒ දෙන්නා විතරයි.. දෙන්නම රඟපාන නාට්‍යට නමක් දන්නෙත් ඒ දෙන්නම විතරයි...
අදත් ඒ වගේ රඟපාන්න තියෙන දවසක්..
අද සේහිගෙ birthday එක.. ඒත් සේහිට උදේම ටේගෙන් නම් ලැබුනෙ ආදරේ පිරුණු තෑග්ගක් වෙනුවට හිත රිද්දන වචන පේලියක් විතරයි...
ඒත් හැමදාම ටේගෙ උවමනා එපාකම් වලින් තැලෙන සේහිට නම් දැන් මේවා සාමාන්‍යයි...
ටේගෙ කෑම එකත් හදලා තනියම ගේත් සරසලා ඉවර වෙලා සේහි ගේ ඉස්සරහට වෙලා හිටියේ ටේ එන වෙලාවත් දැන් ලඟ නිසයි.
ඒත් හදිසියේම උඩ තමන්ගේ ෆොන් එක රිංග් වෙනවා ඇහෙද්දි සේහි ෆොන් එක අරගන්න කාමරේට ගියා.
ෆොන් එක ආන්සර් කරලා කනට ගත්ත ගමන් සේහිගෙ කට කනට ගියෙ එහා පැත්තෙන් ඇහුනු කටහඬ නිසයි...
Happy Birthday My Little Cat...
යුංගි ඔප්පා... I Miss You ඔප්පා....
අනේ අනේ ඉතින් මන් නම් හිතුවෙ ටේ එක්ක ඉන්නකොට මාව අමතකත් වෙයි කියලා....
ඒ කතාවට නම් සේහිගෙ ඇස් වලින් නොදැනීම කඳුළු ආවෙ ටේ එක්ක එයා ගෙවන ජීවිතේ මතක් උන නිසායි...
මොකද මේ සද්ද නැත්තෙ little cat... කෙල්ල තනියම හිනා වෙනවා වත්ද... ම්...
තමන්ගේ දුක මොහොතකට අමතක කරපු සේහි සතුටෙන් ඉන්නවා වගේ රඟපාන්න පටන් ගත්තා...
හ්ම් ඔව් ඔප්පා....
අහ් ඒක නෙමෙයි කෙල්ල අද පොඩි surprise එකක් තියෙනවා..
මොකක්දෝ......!!!
යා.... කෙල්ල මගෙ කන... හවසට ලැබෙයි එතකන් ඉවසන්න..
හ්ම්.... අනේ මන්දා ඉතින්...😐
හරි එහෙනම් මම තියනවා කෙල්ල... පරිස්සමින්...
හරි ඔප්පා ඔයත් පරිස්සමින්...
සේහි ෆොන් එක තියනවත් එක්කම ඇහුන දේ එක්ක සේහි ගැස්සුනේ ඒ කටහඬේ තිබ්බ තරහා නිසායි..
තමුන් කොහෙද බාබි ගර්ල්....
ඔව් කාලෙත් එක්ක සේහිට ටේ කතා කරන විදිය වෙනස් උනා... ඒත් ඒ ආදරේටද....
නෑ කොහෙත්ම නෑ.. ඊට පස්සෙ ටේ සේහිට සලකන විදියට තවත් දරුනු උනා මිස හොඳ උනේ නම් නෑ...
පහලට එනවා මින් සේහි!!!
ලෝකෙට එයා කිම් සේහි උනාට තාමත් ටේට එයා මින් සේහි විතරයි...
ම්..මේ එනවා ටේහියුන්....
ටේ ගෙදර එනකොට සේහි එයාගෙ බෑග් එක ගන්න ඉස්සරහට ආවෙ නැති එකට නම් ටේ හිටියෙ මාරයා නැගලා. තමන්ට අද විදින්න වෙන දේ ගැන දන්න නිසාම සේහි හෙමීට පහලට බැස්සෙ වෙව්ලන කකුල් වලින්...
හොරෙන් තමන් දිහා බල බලා පල්ලෙහාට එන සේහි දිහා තරහා පිරුණු ඇස් වලින් බලපු ටේ තරහටම බෑග් එක සේහි දිහාට විසික් කරලා dining table එකට ගිහින් වාඩි උනා.
සේහි අමාරුවෙන් බෑග් එකත් අල්ලගෙන ඒකත් අරන් තියලා table එකට කෑම ටික ස(ර්)ව් කරලා ටේ දිහා බැලුවා.
ලෑස්ති වෙලා ඉඳපන්. අද පාටියෙන් පස්සෙ උඹට මේ කරපු වැරැද්දට හොඳ punishment එකක් ලැබෙනවා තෑග්ගක් විදියට...
ඔව්.. ටේ දැන් සේහිගෙන් පලිගන්න අලුත් විදියක් හොයාගෙන...
සේහිගෙන් වැරැද්දක් උන හැම දවසකම රෑට සේහි ටේ නිසා නොවිඳිනා දුක් වින්දෙ ටේගෙ උවමනා එපාකම් සපුරන්න ටේ සේහිව dall කෙනෙක් විදිහට use කරන්න පටන් ගත්ත නිසයි..
නොලැබෙන සමාවක් වෙනුවෙන් අයැදලා වැඩක් නෑ කියලා තේරුන සේහි කටපියාගෙන දඬුවම බාරගත්තා..
මේ මොන දේ උනත් සේහිගෙ හිතේ ටේ වෙනුවෙන් තියන ආදරේ අඩුවක් උනේ නෑ...
__________________________________
අම්මෝ කාලෙකට පස්සෙ නේ my babies....
Sorry හොඳේ පරක්කු උනාට...
ඉක්මනට දෙන්න බලන්නම්කෝ.....පරිස්සමින් සතුටින් ඉන්න..
Bye..Kawee...💕