මාස තුනක් ඉක්මනින් ගෙවුනා. ටේ දැන් කම්පැනි එකට යන්නෙ නෑ. දවසම සේහිගෙ හල පහල තමා ඉන්නෙ. ඒකට ටේගෙ මොලේ අකමැති උනත් හිතනම් හරිම ආසයි. සේහිට හරියට ඇවිදගන්නවත් බෑ. මොකද චූටි පැටියා තව දුරටත් චූටි නෑ. ඉතින් එයා ගොඩක් වෙලාවට එක තැනම තමයි ඉන්නෙ. මීට ටික දවසකට කලිනුයි ටේ එක්ක ගිහින් සේහි බබාට ඕන දේවල් අරන් ආවේ. ටේගෙ පුදුමෙට ඒ හැමදේම සුදු සහ ග්‍රේ කලර්ස් වලින් තමයි සේහි තේරුවෙ. දැන් සේහිගෙ වැඩේම ඒ කාමරේට වෙලා පොත් කියවන එකයි ඇදුම් ගොතන එකයි තමා.
Baby's Room
ටේ දැන් ක්ලබ් යන එක නවත්තලා තියෙන්නෙ මොකද ටේට ක්ලබ් එකේ ඇහෙන සද්ද වෙනුවට ඔලුව ඇතුලෙ දෝංකාර දෙන්නෙ රෑට හරිහමන් නින්දක් නැතුව කෙදිරිගාන සේහිගෙ හඬ, සේහි ආදරෙන් බංඩියට කියන කතන්දර... ඉතින් ටේට බෑ තවදුරටත් ක්ලබ් යන්න. මොනවා උනත් ටේ දන්නවා එයාගෙ පුංචි පැටියා නිසා ටේ දැන් සේහිට ආදරේ කරන්න අරන් කියලා. ඒත් ටේ බයයි සේහිට ඒක කියන්න. මොඛද ටේට අනුව තාමත් සේහි ලොකු මිනීමරුවෙක්.කොහොම හරි ටිකක් වේලාසනින් සේහිව නිදිකරවපු ටේ පහලට ආවෙ නැම්ජූන්ට කතා කරන්න ඔන කිව්ව නිසා.
ටේ.. මම හිතන්නෙ මම එතන හොයාගත්තා. අපි උන්ට ගොඩක් ලං වෙලයි ඉන්නෙ.
ම්.. ඒක හොදයි හියුන්. මටත් ඕන මේ හැමදේම පොඩි පැටියා එලියට එන්න කලින්ම ඉවර කරන්න. මට ඕන නෑ මට අත් උන ඉරණම ම මගෙ දරුවටත් අත්වෙන්න දෙන්න.
ටේ තවදෙයක් කියන්න තියෙනවා.මේක අහලා කලබල වෙලා මොකුත් කරන්න එපා.
ම්..
ටේ එදා ඔයාලා බඩු ගන්න ගිහින් එනකොට කාර් එකක් ඔයාලව ෆලෝ කරලා තියෙනවා ගොඩක් දුර යනකම්ම. මට පේනනෙ උන් දැනගෙන සේහිගෙ බඩේ ඉන්නෙ ඔයාගෙ දරුවෙක් කියලා.
ම්... ඒ කියන්නෙ අපිට තව පරිස්සම් වෙන්න වෙනවා. උන් හදන්නෙ මගෙන් පස්සෙ මේ දේපල වලට අයිතිකාරයෙක් නැති කරන්න වගේ. එතකොට මේ දේවල් උන්ට ගන්න ලේසියිනෙ.
හ්ම්... ඔව් ඒක තමයි මෙතන ප්‍රශ්නෙ. ඒකයි මම කිව්වෙ බබාගෙ ජෙන්ඩ(ර්) එකවත් බලන්න එපා කියලා.
ජෙන්ඩ(ර්) එක මොකක් උනත් ඒ මගේ ලේ හියුන්. එයා වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.
හ්ම්.. හරි එහෙනම් හෙට අපි පෝර්ට් එකට ගිහින් එන්න යන්නත් ඕන. අපේ අන්තිම වැඩේට ඕන කරන වෙපන්ස් ටික ලෑස්ති කරන්න.
හරි හියුන් මමත් එන්නම්.
හ්ම්.. දැන් ගිහින් නිදාගන්න ටේ. ගුඩ් නයිට්.
ගුඩ් නයිට් හියුන්.
පහුවදා උදෙන්ම ඇහැරුන ටේ උදේන්ම නැම්ජූන් එක්ක ගෙදරින් ගියෙ සේහිව අනිත් අයට බලාගන්න කියලා.
පෝර්ට් එකට ඇවිත් ගෑන්ග් එකේ අයට ප්ලෑන් එකත් පැහැදිලි කරලා යූංගි එවලා තිබ්බ වෙපන්ස් ටික බල බල ඉන්නකොට ටේගෙ phone එක රින්ග් වෙන්න ගත්තා.
කෝල් එක නූනගෙන් නිසා ආන්සර් කලේ මොකක් හරි අවුලක් කියලා එයාගෙ ඉවට වැටුන නිසා.
කියන්න නූනා...
ට්... ටේහ්.. ස්.. සේහි...
මොකද උනේ නූනා. හැමදේම හොදින් නේද..?
ටේහ්... _______________________________
මොකක්!? ඒත් ඒ උනේ කොහොමද ?හරි හරි පොඩ්ඩක් ඉන්න. සන්සුන් වෙන්න. මම ඉක්මනට එන්නම්.
Phone එක කට් කරලා සාක්කුවට දාගත්ත ටේ වෙපන්ස් ටිකත් ඉක්මනින් වාහනේට දාගෙන නැම්ජූන්වත් ඇදගෙන කාර් එකට නැග්ගෙ හදිස්සියෙන්.
ටිකක් ඉවසන් ඉන්න පැටියෝ අප්පා ඉක්මනින් එනවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/ඔන්න තවත් එකක් දුන්නා.
ඉක්මනින් අනිත් එකත් දෙන්න බලන්නම්.මම යනෝ..
පරිස්සමින් ඉන්නෝ..Kawee...💕