මැන්ශන් එකට කලබලෙන්ම ආව ටේ මැන්ශන් එක ඉස්සරහා සෝෆා එක ලඟ වැටිලා අඬන එයාගෙ නූනා නැත්තම් ජූන්ගෙ වයිෆ් සූයොන් ලඟට ගියා.
ටේ ලඟට එනවා දැක්ක ගමන්ම ටේගේ අතින් ඇද්ද සූයොන් වෙච්ච දේවල් කියන්න ගත්තා.
අනේ.. ටේ.... උන්.. උන් ආවා ටේ.. අපේ ඔම්මලාගෙ අප්පලාගෙ මිනීමරුවො ආවා ටේ...! උන් ඇවිත්.. උන් ඇවිත් අපේ පැටියව අරන් ගියා ටේ.. උන් සේහිව අරන් ගියා ටේ... අනේ මොනවා හරි කරන්නකො ටේ. උන් සේහිට මොනවා හරි කරයි. අනේ ටේ...
හයියෙන් අඬන ගමන් සූයොන් සිහිසුන් වෙද්දි නැම්ජූන් ඉක්මනින් ඇවිත් එයාව පරිස්සමින් අල්ලගත්තා.
සූයොන් කියන්නෙ හැමෝම ගැන හිතන අහිංසක චරිතයක්. ඒත් මොකක්දෝ අවාසනාවකට සූයොන්ගෙ පලවෙනි දරුවා බඩේදිම නැති උනායින් පස්සෙ කොච්චර උත්සහා කලත් සූයොන්ට බබාලා නෑ. ඉතින් සේහිගෙත් ටේගෙත් පොඩි එකාව සූයොන් දැක්කෙ තමන්ගෙ දරුවා වගේ. ඒකයි සූයොන් මෙච්චර බය.
සූයොන්ගෙන් විස්තර දැනගත්ත ගමන්ම යූංගිට කෝල් එකක් අරන් විස්තරේ කියලා යූංගිව මැංශන් එකට ගෙන්නගත්ත ටේ තුන්දෙනාම එකතුවෙලා හදපු ප්ලෑන් එක ක්රියාත්මක කරන්න පටන් ගත්තා.
සේහි ගෙ වෙඩින් රිංග් එකේ තිබ්බ ට්රැකර් එකෙන් සේහි ඉන්න තැන හොයාගෙන ගියා.
ඇත්තටම ටේ ඒක සෙට් කරලා තිබ්බෙ සේහි යන එන තැන් බලාගන්න. සේහි හම්බෙන අය ගැන දැනගන්න. ඉතින් දැන් ටේ ඒකෙන් වැඩක් ගත්තා.
ටේට ඕන සේහිව නෙමෙයි එයාගෙ පුංචි පැටියව බේරගන්න. ටේ කැමති නෑ තවත් කෙනෙක්ව නැති කරගන්න. ඒකත් තමන්ගෙම ලේ.
ටේ කාර් එක වේගෙන් ඩ්රයිව් කරන් ගිහින් නැවැත්තුවෙ පාලුවට ගිය බාගෙට හදමින් තිබ්බ බිල්ඩිමක් ලඟ.
අප්පා එනවා පැටියෝ...
ටිකෙන් ටික කලුවරේම උඩ තට්ටුවක තිබුන පුංචි කාමරයක් ලඟට ආව ටේ ඒකෙ දොර ඇරලා ඇතුලට එනවත් එක්කම හැමතැනම මෙච්චර වෙලා පැතිරිලා තිබ්බ කලුවර නැති වෙලා ලයිට්ස් ඔන් උනා.
ඉතින් පුංචි මහත්තයා.. කාලෙකින් නේ.. මොකද ඔම්මා අප්පා නැතුව පාලු නිසාද මෙහෙට ආවෙ.